
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කරුවලගස්වැව අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ උප සම්පදා උත්සවයට සහභාගි වු පිරිසකට ඊයේ 16 දින සවස එල්ලවු ගල් හා පොලු මුගුරු ප්‍රහාරයකින් තුවාල ලැබු දෙදෙනකු තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති බව සාලියවැව පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ දායකයන් දෙදෙනකු වන අතර සුළු තුවාල ලැබු තවත් කුඩා දරුවන් දෙදෙනකු නිවෙස් වලට රැගෙන ගොස් ප්‍රථිකාර ලබා දී ඇති බව කියයි.
අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ වැඩ වාසය කල විහාරවාසි දඹුල්ලේ සාරද හිමියන් උපසම්පදා විනය කර්මය පිහිටුවිමේන් පසු විහාරස්ථානයට වැඩම කර අදාල උත්සවය සංවිධානය කර තිබුණි.
එම උත්සවයට වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක තම්මැන්නාවැටියෙ රතනජෝති හිමියන් ඇතුළු මහ සංඝරත්නය මෙම උපසම්පදා පිළිගැනිමේ උත්සවයට එක්ව සිටි අතර .
එම උත්සවය පැවැත්වෙමින් තිබියදී විහාරස්ථානය ඉදිරිපස මාර්ගයෙ දෙසින් මාර්ගය අසල රැදි සිටි පිරිසක් රතිඥඥා පත්තු කරමින් හු කියමින් ගැටුම්කාරි තත්වයක් නිර්මාණය කරමින් තිබු බව කියයි.
ඒ සමග එය බැලිමට ලුම්බිණී විහාරස්ථානයෙ සිට මාර්ගය දෙසට පැමිනි දායකයන් පිරිසට මාර්ගයෙ සිටි පිරිස එකවර ගල් මුල් ප්‍රහාරයක් එල්ල කරන්නට වු බව පැවසෙයි.
ඒ සමගම අදාල සිද්දීය විඩියෝ කල ලුම්බිණී විහාරයෙ දායකයකුට මාර්ගයෙ සිට පිරිස පොලු මුගුරු වලින් පහර දි හෙල්මටයකින්ද පහර දීම සිදුව තිබේ.
ඔහු බේරා ගැනිමට ගිය තවත් අයකුටද මෙම කලහාකාරි පිරිස පහර එල්ල කර තිබේ කෙසේ වෙතත් ලුම්බිණි විහාරස්ථානයෙ සිටි දායකයන් මෙම සිද්දිය දැක දැඩි බියට පත්ව විහාරස්ථානය තුළම රැදි සිට තිබුනී.
මෙලෙස කලහාකාරි ලෙස හැසිරුණ පිරිස අතර කාන්තාවන්ද වු බවත් එසේ සිටි කාන්තාවන් අත ගල් හා මුගුරු තිබු බවද කියති.
COMMENTS
ඔය සිද්ධිය යටින් අන්‍යාගමික පිරිසක් ඉන්නවාද නැත්නම් කුඩ්ඩො එතනෝල් හා කසිප්පු කාරයෝ ඉන්නවාද කියලා පරීක්ෂා කරන්න සිද්ධිය බරපතළ තත්වයක් වෙන්න පෙර බුද්ධ ශාසන ඇමැතිවරයා ඇහැරවලා නොපමාව පරීක්ෂණයක් කර සිද්ධියට සම්බන්ධ එවුන්ට උපරිමයෙන් දඩුවම් දියයුතුය ආණ්ඩුව කියන්නෙ නම් බුදුසසුන රැකීම රජයේ වගකීමක් කියලා තමයි ඒක කොහොමද කියලා මේකෙන් බලමුකෝ
දෙවිදත්තරයා ආයෙත් ඉපදිලා වත්ද….?
මොවුන් කවුරුන්දැයි හඳුනා ගැනීම ඉතාම වැදගත්.
දැන් අවුරුදු 20-25 ඉඳන් බෞද්ධාගම බරපතළ ලෙස දේශපාලණීකරණය වීම, මුදල් ඉපයීම මූලික අරමුණ ගත් ව්‍යාපාරයක් බවට පත් වීම, භික්ෂූන් වහන්සේලාගේ හැසිරීමේ පරිහාණියේ ප්‍රතිවිපාක තමයි මේ එක එක විදියට පිට දාන්නේ.
බේරා ගන්න ඕන නම් කියන්න රාජපක්ෂලා ඉන්නවා
ඔය පන්සල තියෙන ප්‍රදේශයේ ක්‍රිස්තියානි අන්තවාදීන්ගේ ක්‍රියා වැඩියි . කලිනුත් ඔහොම සිද්ධියක් උනා. වෙසක් කූඩුවල කුරුස රූප සටහන් කරලා. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අදහන අයට බුදු හාමුදුරුවෝ එක්ක මාර තරහක් තියෙන්නේ.
බුද්ධාගමට තර්ජනයක් .චන්දෙකුත් ලඟයි
රට බේරාගැනීම සදහා නායකයෙක් බිහිවීමට ඉතා ආසන්නයි
ආගම බේර ගන්න පුලුවන් නායකයෙක් ආයෙ ගේන්න වෙනවලු...
කුඩ්ඩො වත් අන්‍යාගමිකයො වත් කියල හිතහදාගන්න එපා, මේව තමයි නිකාය සහ පන්සල් වල තියෙන බෙදීම්, ඕව දායකයන්ගෙ ඔලුවලට දැම්මෙත් ඔය උන්නාන්සෙල තමයි. මතකද ඔය පැත්තෙ බණකට පිට නමක් වැඩල වෙච්ච කෝලහලේ, අසපු ආරාම හදාගෙන ගේට්ටු දාල බල්ලො හදල හදන සාසනේ ප්‍රතිපල තමයි. බුද්ධාගම රකින්න නීති අණපනත්, සහ රජය ඕන මේනිසා මිසක් හරි බුද්ධාගම රකින්න මොනවත් අවශ්‍ය නැහැ.
මේ පිරිස මේ පළාතේ කසිප්පු, කුඩු, ගංජා, මත් පෙති, අයිස්, බාබූල්, හොර දැව, දඩ මස්, දේශපාලන අධිකාරියේ සහ ආරක්ෂක අංශවල දැඩි ආරක්ෂාව සහිතව කරන අය... මහා පරිමාණ දැව ජාවාරම් කරන පුද්ගලයකු හා කාන්තාවන් විදේශීය රට වලට යවා කොමිස් ගන්නා මුදලාලි දෙදෙනෙක් මේ සිද්ධි සඳහා සම්බන්ධ වී තිබේ. මේ පිරිස එකතු වී ජාවාරම් කරුවන්ට විරුද්ධව කටයුතු කරන මේ විහාරස්ථානය විනාශ කරමින් සිටී. සාලියයවැව ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන්ගේ හා දේශපාලන අධිකාරියේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් සියලු අපරාධ සිදු වේ. මේ විහාරස්ථානය නිතරම සාමාන්‍ය ජනයා වෙනුවෙන් පෙනී සිට ඇත.