(සුජිත් හේවාජුලිගේ)
මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ඛනිජ තෙල්, ලිහිසි ද්‍රව්‍ය සහ ජලය නියාමනයකට පත්කෙරුණු උපදේශකවරුන් ඒ කටයුතු වලට යොදා නොගෙන රුපියල් කෝටි දෙකකට වැඩි දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ 2021 වසරේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදීය.
විදුලිය, ඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත නියාමනය කළ යුතු වුවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අධීක්ෂණය කිරීම සඳහා අදාළ පනත් සංශෝධනය නොකිරීම හේතුවෙන් වසර 21 කට වැඩි කාලයක් තිස්සේ ඛනිජ තෙල් සහ ජලය යන කර්මාන්ත කොමිෂන් සභාවේ නියාමනයට යටත්වී නොතිබූ බව විගණන වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර මහජන උපයෝගීතා කොමිෂන් සභාව 2017 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා උපයා ගත් ආයෝජන ආදායම් මත ගෙවිය යුතු මුළු බදු මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි නවයක් බව විගණන අංශවලට නිරීක්ෂණයවී ඇත. විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල මේ සඳහා කිසිදු ප්‍රතිපාදනයක් කර නොතිබුණු බව වාර්තාවේ සඳහන්වේ.
කොමිෂන් සභාව බද්දට යටත් වන අයෝජන ආදායම් ඉපයුවද දේශීය ආදායම් පනත අනුව බදු ගෙවීම නොකරන බවද විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
උපදේශක රොත්තකට පිං පඩි දීලා
පිටරටවැසියා Wednesday, 12 February 2025 05:46 PM
මේ කාලේම නේද අර දූෂණයෙන් තොර රටක් හදන්න කියලා ජනපතිවරණේට ඉදිරිපත්වෙච්චි සභාපතියා හිටියේ? වැරැදිලාවත් ජනපති වුණා නම් රටට අබම සරණයි...
Business Wednesday, 12 February 2025 05:59 PM
දැනට පවතින රජයේ මූල්‍ය ක්‍රියාකාරකම් පවා මාස 3 න් 3 ට වත් විගණනය කරන්න. ප්‍රශ්න පරණ වුණාම උත්තර දෙන්න කෙනෙක් නෑ. අල්ලා ගන්න කෙනෙක් නෑ.