
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයකුට පහර දීම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
පහර කෑ වයස අවුරුදු 66 පුද්ගලයා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත්ව ඇත.
නුගේගොඩ තලපත් පිටිය කනත්ත පාරේ පදිංචි සැකකාර උදයංග වීරතුංග මහතා යාබද නිවසේ පදිංචි පුද්ගලයාට මායිම් ප්‍රශ්නයක් මුල් කරගෙන ස්ලෝන් බටයකින් බටයකින් පහරදී ඇතැයි පොලිසිය සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු බොහෝම නිදැල්ලේ සිටින රටක් හොයපු අපරාධකාරවෙක්. කොස් ගෙඩියක්, පොල් ගෙඩියක් හොරකම් කලොත් එදිනම රිමාන්ඩ්… පුදුම රටක්…
හෙඩ්ලයින් එක දකිනකොට හිතුවේ බෝට්ටුවෙන් ආව රෝහින්යා කේස් එකට කියලා...
මෙතුමාට සමාව දෙන්න. පොඩි වැරැද්දක් වෙලා තියෙන්නේ. වැරැදිලා හිතාගෙන හිටියේ තාම බලේ ඉන්නේ බාප්පයි, මාමයි, අයියයි, නැන්දයි, අපුච්චයි, මී මුණුබුරයි කියලා...!
හිටපු තානාපතිවරයකුගේ හැසිරිම හරිම ලැජ්ජා සහගතයි
කරුණාකර උදයංග නමැති මෙම පුද්ගලයාට එරෙහිව සුදුසු නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න. නීතියට ඉහළින් කිසිවෙක් නැත.