(යොහාන් භාසුර)
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික ලක්‍ෂ්‍යමය වෙනසින් මනිනු ලබන මතුපිට උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘණ අගයක් ප්‍රදර්ශනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පසුගිය වසරේ දෙසැම්බර් මසයේ සියයට 1.7 ක අවධමනයක් ද, ඊට පෙර මස එනම් නොවැම්බර් මස සියයට 2.1 ක අවධමනයක් ද, ප්‍රදර්ශනය කළ බව මහ බැංකුව සඳහන් කරයි.
ආහාර නොවන කාණ්ඩයේ අවධමනය දෙසැම්බර් මාසයේ සියයට 3.0 ක් බවට පත්වෙමින් සුළු පහළ යෑමක් ඇති බවත් නොවැම්බර් මස එම කාණ්ඩයේ අවධමනය සියයට 3.3 ක්ව පැවැති බව මහ බැංකුව සඳහන් කරයි.
ආහාර කාණ්ඩයේ උද්ධමනය දෙසැම්බර් මාසයේ සියයට 0.8 ක් බවට පත්ව සුළු ඉහළ යෑමක් පෙන්වන බව කියන ශ්‍රී ලංකා මහ බැංකුව එය නොවැම්බර් මස සියයට 0.6 ක්ව පැවැති බව ද සඳහන් කරයි.
මාසික පදනම මත මනින කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය දෙසැම්බර් මාසයේ සියයට 1.19 ක ඉහළ යෑමක් වාර්තා කළ බවත් ආහාර කාණ්ඩයේ අයිතමවල සියයට 1.24 ක මිල ඉහළ යෑම සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල සියයට 0.06 ක පහළ යෑම එයට බලපෑ බවත් මහ බැංකුව කියයි.
ආර්ථිකයේ යටිදැඩි උද්ධමන ප්‍රවණතා ප්‍රදර්ශනය කරන වාර්ෂික ලක්‍ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 2.7 ක් ලෙස නොවෙනස්ව පවතින බව ද මහ බැංකුව පවසයි.
බලශක්ති මිල සැලැකිය යුතු ලෙස පහළ යෑම සහ නිතර මිල උච්චාවචනය වන ආහාරවල මිල පහළ යෑමේ අඛණ්ඩ බලපෑම මෙන්ම 2024 මුල් භාගයේදී බදු සංශෝධනය කිරීම් නිසා මිල ඉහළ යෑමෙන් ඇති වූ සැලකිය යුතු පදනම් බලපෑම හේතුවෙන් මතුපිට උද්ධමනය ඉදිරි මාසවලදී සෘණ අගයක් අපේක්‍ෂා කරන බවත් කෙසේ වුවද ඉන් අනතුරුව උද්ධමනය ධන අගයකට පත්වී සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහය ඇතිව මැදිකාලීනව ඉලක්කගත සියයට 5 ක මට්ටමකට ක්‍රමයෙන් ළගාවනු ඇතැයි උපේක්‍ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘණ අගයක්
ගුණරත්න Thursday, 02 January 2025 11:52 AM
මේ බඩු මිල අඩුවෙලා තියෙන්නේ අඟහරු ලෝකෙද? ජනේරුවට කිරිබතක් හදාගන්න රතු කැකුළු හාල් ටිකක් ගන්න නැහැ, එත් පම්පෝරිය නම් තියෙනවා, මේවා කලින් ආණ්ඩුව කාලේ වුනහම කෑගහපු උදවියම දැන් ආණ්ඩුවේ ඉන්නවා කිසි සද්දයක් ඇහෙන්නේ නැහැ, එත් උන්ට විරුද්ධව ඇඟිල්ලක් හරි එසෙව්වොත් ඕන්න CID එකට පැමිණිලි කෝටියයි.