IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


උතුරේ ඉඩම් බෙදන්න ස්ථිර කාර්යාලයක්

(අංජුල මහික වීරරත්න)

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ නියෝග පරිදි මේ කාර්යාලය පිහිටුවා ඇත.

යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙම කාර්යාලය මගින් මාස හයක කාලසීමාවක් ඇතුලත අදාල ගැටලුව විසඳිය යුතු බවට ද සාගල රත්නායක මහතා උපදෙස් දී ඇත.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙසත් පාරම්පරික ඉඩම් හිමි ජනතාවට අසාධාරණයක් නොවන ලෙසත් මෙම ගැටලුව විසඳීම අරමුණු කර ගනිමින් අදාල කාර්යාලය පිහිටුවන ලෙස සාගල රත්නායක මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් ලබා දී තිබේ.

2009 වර්ෂය වන විට ආරක්ෂක හමුදා සතුව ජනතාවගේ ඉඩම් අක්කර 23,850.72 ක් පැවැති අතර මෙම වසර මුල වන විට එම ඉඩම් වලින් අක්කර 20,755.52 ක් මුදා හැර තිබේ. තවත් අක්කර 106 ක භූමි ප්‍රමාණයන් 2023 පෙබරවාරි මාසයේ මුදා හැර ඇත.

තවත් අක්කර 2989.80 ක් ජනතාවට මුදා හැරීම වෙනුවෙන් හදුනාගෙන තිබෙන අතර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගිය හැකි ගැටලු වලට විසඳුම් ලබා දීමෙන් අනතුරුව එම ඉඩම් ප්‍රමාණය ද නිදහස් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාරම්පරික ඉඩම් ජනතාවට මුදා හැරීමේදී ජාතික ආරක්ෂාවට මෙන්ම ජනතාවට කිසිදු ගැටළුවක් නොවන අයුරින් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් මෙම කාර්යාලය ස්ථාපිත කොට තිබේ.

 



අදහස් (5)

උතුරේ ඉඩම් බෙදන්න ස්ථිර කාර්යාලයක්

උපාලි Saturday, 10 June 2023 08:27 AM

උතුරේ හිටිය සිංහලයින්ගේ ඉඩම් වලට සාධාරණයක් වෙනවද? එක පළාතකට විතරක් මොකටද තේසවලමේ නීතිය. එය ඉවත් කරනවාද?

:       1       13

චන්දිම ෆොන්සේකා Saturday, 10 June 2023 10:25 AM

ඡන්දෙන් පැරදිලා මිනිස්සු සතපහකට ගණන් ගන්නේ නැතුව හිටපු කුණු කුඩේට විසිවෙලා කොහේ ඉඳන් ආපු අයද මේ? මේ රටේ අනාගතයට බලපාන ප්‍රශ්න ගැන මහා ලොකුවට තීරණ ගන්න ලොකු ලොක්කෝ වෙලා ඉන්නේ... මේක තමයි මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලොකුම දුර්වලතාවය. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඊළඟ සංශෝධනයකදී වත් මේ හොර පාරවල් අහුරලා දාන්න ඕනෑ...

:       3       9

උපාලි Saturday, 10 June 2023 12:04 PM

චන්දිම ඔයා හරියටම හරි, කුණු කූඩෙට වැටිලා හිටිය හිකනලෙක් යන උඩක්...

:       1       3

jagath Saturday, 10 June 2023 11:22 AM

රට කනවෝ... ඡන්දෙ ලැබෙනවා නම් ඕනෑම දෙයක් කරන අය එළවමු...

:       3       5

සල්ලි Saturday, 10 June 2023 05:33 PM

යුද්ධය කරපු රණවිරුවන්ටත් ඉඩම් කෑලි තූත්තු කුඩියෙන් හරි දුන්නා නම් හොඳයි. ඒ කෙසේ වෙතත් රණවිරුවන් බේරලා දුන්නු රටේ දේශපාලන ව්‍යවසායකයින් සහ එයාලගේ බබීලා බේබිලා හරිම ලස්සනට ගෙවල් පිටින් ඉඩම් අල්ලන් කොළඹ හතෙන්ම... අසාධාරණය ඔඩු දුවලා....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28465 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18194 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10951 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 679 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site