
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයට පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා ය.
රජයේ අරමුණ එම ඉඩම් අයිතිය ඇති ජනතාවට කඩිනමින් පවරා දීම බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 1හි අද (23) පැවැති උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ඉඩම් හිමිකම් පිළිබඳ ගැටළුව විසදීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව කීවාය.
මෙතෙක් කලක් උතුරු නැගෙනහිර ඉඩම් අයිතිය නිරවුල් කිරීම වෙනුවෙන් ගෙන ගිය පැවති රජයන්ගේ වැඩපිළිවෙල පිළිබඳ ජනතාව තුළ සැකයක් මතුව ඇති බවත්, අයිතිය හිමි ජනතාව සතුව අයිතිය ඔප්පු කිරීමට ලේඛන කිසිවක් නොමැති බවත් උතුරු නැගෙනහිර නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙහිදී පෙන්වා දුන් අතර ඒ සඳහා ජනතා විශ්වාසය දිනාගත් ක්‍රමවත් වැඩපිලිවෙලක් අවශ්‍ය බවත් ඔවුන් මෙහිදී කියා සිටියේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු, නැගෙනහිර හමුදා කඳවුරු පිහිටුවා තියෙන්නේ ආණ්ඩුවේ ඉඩම්වල නොවෙයි. එහෙම නම් ඒ කඳවුරු ඔක්කොම වහලා දාන්න...
1977 ට කලින් යාපනේ හිටපු සිංහල අයගේ ඉඩනුත් නිරවුල් කරලා දෙන්න. එතකොට තමයි සාධාරණය ඉටුවෙන්නේ...!
මේ වගේ කතා කියන්න කියන්න ඔයාලගේ ඡන්ද ප්‍රතිශතය අඩුවෙනවා. අන්තිමට ඩෝබිලා ටික ඉතුරු වෙයි.
ඔප්පු නැති වෙන්න බැහැනේ, යාපනේ ඉඩම් ලියාපදින්චි කරපු පත් ඉරුවල එම විස්තර ඇති, ඉතින් ඒවා බලා හිමිකරුවන්ට දෙන්න බැරි මොකද?
ඇයි උතුර ලංකා රාජ්‍යයට අයිති නැද්ද? මේක වෙන්නැති පුනරුදය...