
(යොහාන් භාසුර)
ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය මහතා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ සභාපතිවරයා ලෙස අද (3) වැඩ බාර ගත්තේය.
නව සභාපති ආචාර්ය ලලීෂ කහටපිහිටිය, ක්‍රීඩා විද්‍යාව පිළිබඳ කියුබාවේ "මැනුවෙල් ෆජාර්ඩෝ" ජාත්‍යන්තර භෞතික, සංස්කෘතික හා ක්‍රීඩා විද්‍යා විශ්ව විද්‍යාලයෙහි ආචාර්ය උපාධියක් සහිතව ඉක්වදෝරයේ ක්විටෝ හි "ඩි'ෆර්නැන්ඩා" ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයෙහි පරිපාලන කළමනාකරුවෙකු වශයෙන් ද කලක් සේවය කර අත්දැකීම්ලත් නිලධාරියෙකි. ඒ මහතා ජාත්‍යන්තර බොක්සිං සංගමයෙහි (IBA) ක්‍රීඩා සංවර්ධන වැඩසටහනේ සාමාජිකයෙකු වශයෙන් ද මේ දක්වා කටයුතු කර තිබේ.
කියුබා යොවුන් ජාතික බොක්සිං කණ්ඩායම් සහකාර පුහුණුකරුවෙකු වශයෙන් ද කටයුතු කර ඇති ඔහු, දකුණු ආසියානු කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය සහ ජාත්‍යන්තර "YMCA" බොක්සිං ශූරතාවලියන්හි, පදක්කම් ලාභියෙක් මෙන්ම ජාතික බොක්සිං කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර භෞතික සංස්කෘතික ක්‍රීඩා විශ්ව විද්‍යාලය. අමුතුම තැනක් වගෙයි .