IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උඩ ගිය කාන්තාවෝ ආපසු එති

ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව මීට සුළු වේලාවකට පෙර යළි පෘථිවිය කරා පැමිණියේය.

ඇමරිකන් බිලියනපති ජෙෆ් බෙසෝස්ට අයත් බ්ලූ ඔරිජින් සමාගමේ ගගන සංචාර වැඩසටහන යටතේ, කාන්තාවෝ 6 දෙනෙක් අභ්‍යවකාශයට ගොස් නිරුපද්‍රිතව ආපසු පැමිණියහ.

බ්ලූ ඔරිජින් ගගන සංචාර ආරම්භ කර ඇත්තේ, අතමිට සරුනම්, ගගන කැප්සියුලයක ආධාරයෙන් පෘථිවි කර්මන් රේඛාව (karman line) අභිබවා යෑම සහ පසුව පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය යළි පොළොවට රැගෙන ඒමය. කර්මන් රේඛාව යනු අභ්‍යවකාශයේ ආරම්භය ලෙස සැලකෙයි. මෙය පිහිටා ඇත්තේ කිලෝමීටර් 100 (සැතපුම් 62) කට වඩා ඉහළිනි.

බ්ලූ ඔරිජින් ගගන සංචාරයට එක් වුණු සංචාරක ගගනගාමීන් අතරේ, ඇමෙරිකන් පොප් ගායිකා කේටි පෙරීට අමතරව, ඇමෙරිකන් මාධ්‍යවේදිනියක වන ලොරේන් සැන්චේස් සහ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක වන ගයිල් කිං සංචාරයට එක්වූහ. ලොරේන් සැන්චේස්ඇමෙරිකාවේ පිළිගත් මාධ්‍යවේදිනියක වන අතර, ජෙෆ් බේසෝස්ගේ පෙම්වතිය ද වෙයි.

සංචාරයට එක්වුණු අනෙක් තිදෙනා අමන්ඩා ගයිපෙන්, අයීෂා බෝවි සහ කෙරිඈන් ෆ්ලින්ය. මොවුන් රොකට් විද්‍යාඥවරියක්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරියක් සහ චිත්‍රපට නිෂ්පාදකවරියක බව පැවැසෙයි.

1963 වසරේ දී රුසියාවේ (අතීතයේ සෝවියට් සමූහාණ්ඩුව) වැලන්ටිනා ටෙරෙෂ්කෝවාගේ ඓතිහාසික අභ්‍යාවකාශ මෙහෙයුමකින් පසු, කාන්තාවන්ගෙන් පමණක් සමන්විත කණ්ඩායමක් අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කළ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එක්වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

(බීබීසී)



අදහස් (0)

උඩ ගිය කාන්තාවෝ ආපසු එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site