
(ප්‍රසාද් රුක්මල් )
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය අද (29) උදෑසන හාලිඇල බදුල්ල දුම්රිය ස්ථාන අතර දි පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලක මැදිරිය පවසයි .
මෙම අංක 1045 දරණ රාත්‍රි තැපැල් දුම්රිය හාලිඇල දුම්රිය ස්ථාන පසුකර උඩරට දුම්රිය මාර්ගයේ අවසන් දුම්රිය ස්ථානය වන බදුල්ල දුම්රිය ස්ථානය කරා ලගාවෙමින් තිබියදී එන්ජින් දෙකකින් සමන්විත රාත්‍රි තැපැල් දුම්රියේ ඉදිරිපස දුම්රිය එන්ජිම මෙසේ පිලීපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .
මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා පෙරවරු 8.00ට ධාවනය වීමට නියමිත ඇල්ල ඔඩිසි , පෙරවරු 8.50ට ධාවනය වීමට නියමිත අංක 1006 පොඩිමැණිකේ, පෙරවරු 10.20ට ධාවනය වීමට නියමිත අංක 1008 විශේෂ සීඝ්‍රගාමී දුම්රිය , ඇතුළු දුම්රියන් ප්‍රමාද වී ධාවනය කෙරෙන බවත් , පිලීපැනීමට ලක්ව ඇති දුම්රිය එන්ජිම පිළීගත කිරිමට බදුල්ල දුම්රිය ස්ථානයේ සිට සේවක පිරිස් පිටත් කර යැවීමට කටයුතු කරන බවත් දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කලේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතරම ලංකාවේ දුම්රිය පීලි පැණීමට ප්‍රධානම හේතුව රේල් පීලි ඇතුළුව දුම්රිය මාර්ගය නිසි පරිදි නඩත්තු නොකිරීම .දෙවැනි කරුණ දුම්රියේ රෝද සැකසුම් නිසි අයුරින් නඩත්තු නොකිරීම
උඩරටට මේ දිනවල අධික වැසි සංචාරක පාරදීසයක දුමිරිය බැවින් මාර්ග අවහිර තා ඉතා හැකි ඉක්මනින් නිවරදි කිරීමට පියවර ගැනීම සුදුසුයි.