
(විමුක්ති එස් රුද්‍රිගු)
තමන් පිරිමියෙක් යැයි පවසමින් අන්තර්ජාලය තුළ සටහන් තබමින් අපහාසයක් කළා යැයි චෝදනා කරමින් ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ට සහ ප්‍රසිද්ධ ලේඛිකාවක වන ජේ. කේ. රෝලිංට නඩු පැවරීමට පසුගියදා අවසන්වූ ඔලිම්පික් තරඟාවලියේදී බොක්සිං ක්‍රීඩා ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාවක වන ඉමානේ කෙලීෆ් කටයුතු කළාය.
ජේ. කේ. රෝලිං සහ ඊලෝන් මස්ක් ඇතුළු කීපදෙනකු චූදිතයන් ලෙස නම් කරමින් මාර්ගගතව අපාහස කිරීමේ චෝදනාව මත නඩුවක් ගොනු කළ බවත් එහි චූදිතයකු ලෙස ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කර නැතත් ඔහුද ඉදිරියේදී විමර්ශනයට ලක්වනු ඇති බවත් ඉමානේ කෙලීෆ්ගේ නීතිඥ නබිල් බවුදි ප්‍රකාශ කළේය.
ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ් සහ ඉතාලියේ ඇන්ජෙලා කරීනී අතර පැවැති අවසන් 16 දෙනාගේ වටයේ කාන්තා බොක්සිං ක්‍රීඩා තරඟයේදී ඉමානේගෙන් එල්ල වන පහරවල් දරා ගත නොහැකි බව පවසා කරීනි තත්පර 46 කදී ඇඬු කඳුලින් තරඟය අත්හැර දැමුවාය. ඒ සමඟ ඉමානේ කෙලීෆ්ට විවේචන රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ අතර ඉමානේ කෙලීෆ්ට එක්ස් සහ වයි වර්ණදේහ තිබෙන බව ජාන පරීක්ෂාවකින් ඔප්පු වී තිබෙන බැවින් ඇය ජීව විද්‍යාත්මකව පිරිමියෙක් බවත් ඇයට කාන්තා බොක්සිං තරඟයකට සහභාගී වීමට අවස්ථාව ලබාදීම සාධාරණ නොවන බවත් පවසමින් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයෝ විවේචන එල්ල කළහ.
එහිදී ඊලෝන් මස්ක් සහ ජේ. කේ. රෝලිං ද පිරිමියෙකුට කාන්තා තරඟ ඉසව්වකට සහභාගීවීමට අවස්ථාව ලබාදීම සාධාරණ නොවන බව පවසමින් සමාජ මාධ්‍ය තුළ මත පළකළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ද එවැනිම මතයක් පළ කළේය.
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1685
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊලෝන්ට - රෝලිංට ඉමානේ කෙලීෆ් නඩු දමයි
jayantha Wednesday, 14 August 2024 01:45 PM
ඉමානේ කෙලිෆ් උපතින්ම පිරිමියෙක් වගේ කෙල්ලෙක්. ලිංගික විපර්යාස සර්ජරියක් කර ගත්තු කෙනෙක් නෙමෙයි. හුඟාක් අය හිතන්නේ කෙලිෆ් ලිංග විපර්යාස ඔපරේෂන් එකක් කරපු කෙනෙක් කියලා. එහෙම නැහැ. ඇල්ජීරියාවේ එගේම කරන්නත් බැහැ... හැබැයි අනිවාර්යෙන් කෙලිෆ්ගේ ශරීරයේ පිරිමි හෝමෝන වැඩියි. ස්වභාවිකව. ඒ වුනාට ලිංගික අනිවාර්යෙන් කාන්තා අවයව. ඉලෝන් මස්ක් මේ නඩුවෙන් පරාද වෙයි. නැත්නම් සමාව ඉල්ලලා වන්දියක් දෙයි මුලින්ම. එලෝන් මස්ක් ගේ එක පුතෙක් කාන්තාවක් බවට ලිංගික විපර්යාසයක් කරගෙන තියෙනවා. දැන් ඒ දරුවා කාන්තාවක් වගේ හැසිරෙන්නේ. එලෝන් මස්ක් ඒ ගැන විරුද්ධයි. අකැමැතියි. LGBTQ ප්‍රජාව සහ ඊට අදාළ ඖශධ මාෆියාවක් තියෙනවා. ඒ ගැන තමා එලෝන් මසක් විරුද්ධ...
Priyantha Wednesday, 14 August 2024 03:10 PM
ජයන්ත එයාගෙ අවයව දැක්කාද?
ලසන්ත Wednesday, 14 August 2024 02:24 PM
ඒ ගොල්ලෝ එහෙ ගෑණු, පිරිමි වලට රණ්ඩු, අපි මෙහෙ අප්පොච්චිලා, පියාණෝලා, බාප්පොච්චිලා, පුතාණෝලාට රණ්ඩු!
Thushara Wednesday, 14 August 2024 02:34 PM
මෙයා කෙල්ලෙක් ද?
fairoos Wednesday, 14 August 2024 06:41 PM
ඒකත් හොඳයි...