IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉෂාරා සොයා තෙබුවන පීරයි

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මෙරට සියලුම ආරක්ෂක අංශ එක්ව අත්අඩංගුවට ගැනීමට සොයන   සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ  මහ මොළකරු ලෙස සැළකෙන ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව  තෙබුවන  රන්නගල  වතුයායේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් නිවසක සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව   එම නිවස ක්ෂණිකව වැටලීමත් සමඟම එහි සිටි කාන්තාවක්   නිවසින් පලා ගොස් කැලෑ වැදුණු බව තෙබුවන පොලිසිය කියයි.

ඒ සමගම සිදු කළ මෙහෙයුමේදී එකී කාන්තාව කුඩා දරුවකු සමග කැලෑව තුළ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බවත් සිදුකළ විමර්ශනවලදී එකී කාන්තාව ඉෂාරා සෙව්වන්දි නොවන බවත් එනමුත් ඇයගේ රූපයට බොහෝ සෙයින් සමානකම් ඇති තැනැත්තියක් බව බැලූ බැල්මට පෙනෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

එම සැකකාරිය සමග නිවසේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවගේ නැන්දනීය සහ බිරිඳ ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . එම නිවස තුළ තිබී සිම් කාඩ් පත් 7 කට ආසන්න ප්‍රමාණයක් සහ ජංගම දුරකථන 4 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

එම සිද්ධියත් සමගම ඊයේ (24) රාත්‍රී සිට  එම නිවසට යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය, තෙබුවන, අගලවත්ත හා දොඩංගොඩ පොලිසි වල නිලධාරින් එක්ව දැඩි ආරක්ෂාව යොදා  අද  (25) මතුගම ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමා ඇතුළු නිලධාරී එම ස්ථානයට ගොස්  නිවස අවට ප්‍රදේශය යුද්ධ හමුදාව පොලිසිය සමග එක්ව පූර්ණ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළද ජංගම දුරකථන සහ සිම් කාඩ්  පත්හැරෙන්නට  සැකකටයුතු කිසිවක් හමු නොවූ බව පොලිසිය කියයි.

 



අදහස් (9)

ඉෂාරා සොයා තෙබුවන පීරයි

ගුණරත්න Tuesday, 25 February 2025 08:43 PM

බුහ හ හා, පොඩි කෙල්ලක් හොයන්න මුළු පොලිස් හමුදාවක්ම ගෙවල් ගානේ ඇවිදිනවා. කිව්වම මුළු ලෝකෙම මිනිස්සු හිනා වෙනවා, මේක ට්‍රාන්ස්ෆොමරේට පැන්න රිලවාට අන්තයි.

:       68       70

අරවින්ද මොණරවිල Tuesday, 25 February 2025 10:09 PM

රටේ අගමැති මහ දවල් මහ බැංකුවට වැඩේ දුන්නා කියලා ආරංචි වෙනකොට නම් ලෝකයේ මිනිස්සු හිනා උනා තමයි, ඒ වගේ අයියලා මල්ලිලා තුන්දෙනෙක් එකතු වෙලා රටක් මංකොල්ල කන එක බලාගෙන උන්ට හුරේ දැම්ම ගොන් වහන්සේලා ඉන්න රටක් ලෝකයේ තියෙනවා කියලා දැන ගත්තහම ලෝකයේ මිනිසුන් හිනා වෙන්න ඇති, එහෙම නැතුව අපරාධකාරයෙක් හොයන්න රටේ ආරක්ෂා අංශ මහන්සි වෙන විට ලෝකයේ කවුරු හරි ඒකට හිනා වෙනවා නම් ඒ ගුණරත්න වගේ මොංගල් පොරවල් වෙන්න ඇති.

:       46       100

Podi WijeTuesday, 25 February 2025 11:16 PM

ඕවා මොනාද මෙයා. 300 ගානක් මැරිච්ච පාස්කු බෝම්බෙ ගහපු එකා අවුරුදු 5ක් ගිහිල්ලත් හොයාගන්ඩ බැරි උනේ.

:       3       65

Dasa PWednesday, 26 February 2025 06:01 PM

කෙල්ල ඉන්න තැන ගුණරත්නත් දන්නවා වගේ. පොලිසියේ මහත්වරුන්ට පොඩි ඉඟියක්...

:       1       0

chandima Tuesday, 25 February 2025 10:58 PM

මහරජාගේ ගෙදරවත් හැංගිලා ඉන්නවද?

:       22       43

ජගත් ලියනගේ Wednesday, 26 February 2025 12:33 AM

පාතලයවෙලාගත් පුදුම රටක්නෙ මේක. එය මැඩලීමට ගන්නා උත්සාහයට පොලිස්පතිතුමා ඇතුලු ත්‍රිවිධ හමුදාවට අපගේ ප්‍රණාමය.

:       13       28

Jon jeppa Wednesday, 26 February 2025 04:40 AM

මේවා ඔක්කොම කරන්නේ රාජපක්ෂලා. ඔය කෙල්ල එන්නෙත් මැදමුලනෙන්ලු. තඹුත්තේලම පිං ළිඳ ගාව අය කතා වුණේ. අප්පුවත් එතන හිටියා.

:       15       20

සෙනෙවිරත්න Wednesday, 26 February 2025 07:47 AM

ගුණරත්න තමුන්ට පුළුවන් වෙන්න එපායැ එහෙනම් මේ කාන්තාව ඉන්න තැන කියන්න, ආරක්ෂක අංශවලත් ඉන්නෙ මනුෂ්‍යයො, ලෝකයා හිනාවෙන්න ඇති ස්ත්‍රී දූෂක පාතාල නායක ගෝනවල සුනිල්ට ජේ පී කම් දුන්න දවසෙ, පාතාලකාරයො වගේ පුස්තකාල ගිනිතියපු දවසෙ, ඒ කවුරුත් නෙවෙයි ගුනරත්නලගෙ නායක රනිල්

:       17       26

Kamal Wednesday, 26 February 2025 09:16 AM

අනේ නටන නාඩගමක්

:       8       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site