IMG-LOGO

ඉලෝන් මස්ක්ගෙන් කිරුල ගැලවෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

නැවත වරක් ඉලෝන් මසක් ලොව ධනවත්ම පුද්ගලයන් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබේ.ඉලෝන් මස්ක් පසු කරමින් ලුවී වටාන් මවු සමාගම වන එල්වීඑම්එච් හි සභාපති මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ බර්නාර්ඩ් ආර්නොල්ට් ලොව ධනවත්ම පුද්ගලයා වී ඇත.

ඉලෝන් මසක් ට්විටර් සමාගම මිලදී ගැනීමේ දින සිට මේ දක්වා ටෙස්ලා සමාගමේ කොටස් අගය සියයට 28 කින් පහත වැටීම හේතුවෙන් ඉලෝන් මසක් සහ බර්නාර්ඩ් ආර්නොල්ට් අතර ලොව ධනවත්ම පුද්ගලයා ස්ථානයට තරඟයක් ආරම්භ වී තිබේ.මීට පෙරද කිහිපවතාවක් බර්නාර්ඩ් ආර්නොල්ට් ඉලෝන් මස්ක් පසුකරමින් ලොව ධනවත්ම පුද්ගලයා වූ නමුත් ඉලෝන් මස්ක් සාර්ථකව ඔහුව පසුකරමින් එම අවස්ථා කිහිපයේදී නැවත වරක් ලොව ධනවත්ම පුද්ගලයා වීමට සමත් විය.

මෙම අවස්ථාවේ ඉලෝන් මස්ක්ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 කින් පහත යමින් ඔහුගේ මුළු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 176.8 ක් ලෙස සටහන් වී ඇති අතර බර්නාර්ඩ් ආර්නොල්ට්ගේ ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7 කින් ඉහළ යමින් ඔහුගේ මුළු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 188.6 ක් වී ඇත.



අදහස් (2)

ඉලෝන් මස්ක්ගෙන් කිරුල ගැලවෙයි

INDIKA Wednesday, 14 December 2022 03:55 PM

මචං, ඉලෝන් මස්ක් ලංකාවට ඩොලර් බිලියන 5ක් දීලා ගන්න මචං... ඒ කරගන්නා වූ කුසල කර්මය එන ආත්මෙදීත් පින් ලැබෙනවා.

:       3       18

sharm warn Monday, 19 December 2022 09:57 AM

ඉලොන් ට ලංකාවෙ පුරවැසිකම දෙන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site