
(විමුක්ති එස් රුද්‍රිගු)
උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට ඕනෑම ආකාරයකින් එල්ලකරන ප්‍රහාරයක් ඉරානයට එරෙහිව සම්පූර්ණ යුද ප්‍රකාශ කිරීමක් වනු ඇතැයි එරට ජනාධිපති මසූද් පෙසේෂ්කියාන් පසුගියදා ප්‍රකාශ කළේය.
අලි කමේනිව උත්තරීතර නායකත්වයෙන් ඉවත් කිරීමට හෝ ඝාතනය කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ දරණ බවට එල්ල වන මතයන්ට පිළිතුරු දෙමින් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඉරාන ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
දහස් ගණනකට මරු කැඳවමින් සති දෙකකටත් වඩාවැඩි කාලයක් පැවැති විරෝධතාවලට වගකිව යුත්තේ ඇමෙරිකාව බවත් ඉරාන ජනතාව ජීවත්වීමේ අපහසුතාවලින් පෙළෙන්නේ ඇමෙරිකාව සහ මිතුරු රාජ්‍යයන් සම්බාධක පනවා ඉරානය හුදෙකලා කිරීම හේතුවෙන් බවත් පෙසේෂ්කියාන් පැවැසුවේය.
මීට පෙර අවස්ථාවකදී පොලිටිකෝ සමග සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ වසර 40 ක පාලනය අවසන් කිරීමට කාලය එළැඹ ඇති බවයි. උත්තරීතර නායකයා දුෂ්ඨ පාලකයකු බවත් ඔහු නිසිලෙස ඉරානය පාලනය කළයුතු බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එසේම උත්තරීතර නායකයා ඉරාන ජනතාව මරාදමන එක නැවැත්විය යුතු බවද ඔහු පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරයෙන් වෛරය නොසන්සිදේ... මෛත්‍රියෙන් කටයුතු කරන්න
ට්‍රම්ප්ට නම් හොද වැඩේ... ලොකුම කෙරුමා කියලා උද්දච්චකම විතරයි තියෙන්නේ