(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (19) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබුයේ බුවනෙක මහසෙන් බස්නායක නමැත්තෙකි.
තානාපතිවරයාගේ මෝටර් රථය කොළඹ සිටි සෙන්ටර් රථ ගාලට ඇතුළු කරන අවස්ථාවේ ඇතිවූ ආරවුලක් මත බුවනෙක මහසෙන් බස්නායක නැමැත්තා තානාපතිවරයාට පහර දී ඇති බවත් පහර දීමෙන් අනතුරුව සිය මෝටර් රථයට නැග එම ස්ථානයෙන් පළා යාමට උත්සාහ දරා ඇති බවත් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරින් අධිකරණයේදී ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේදී බුවනෙක මහසෙන් බස්නායක නැමැත්තා පළා යෑම වැළැක්වීම සඳහා තානාපතිවරයා විත්තිකරුගේ මෝටර් රථයේ බොනට්ටුවට අත තබා ඇති බවත් එම අවස්ථාවේදී සැකකරු මෝටර් රථය පණ ගන්වා මීටර් 15 ක් පමණ ඉදිරියට ධාවනය කර ඇති බවත් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරිහු පැවැසූහ. එහිදී තානාපතිවරයා සැකකරුගේ මෝටර් රථයේ බොනට්ටුව මතට වැටී ඇතැයි එම නිලධාරීහු ප්‍රකාශ කළහ.
සිදුවීමට අදාළ සී.සී.ටී.වී දර්ශන කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ලබාගනු ලැබ ඇති බවත් එම දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන බවත් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීහු පැවැසූහ.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියේ පිටුපස වාහනයේ පැමිණි පුද්ගලයා ඉරාන තානාපතිවරයා බව විත්තිකරු නොදැන සිටි බවය.එම නිසා විත්තිකරුට ඇප ලබා දෙන ලෙස නීතිඥවරුන් අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම ප්‍රතිකෙෂේප කළ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා සැකකරු හෙට (20) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, නීතිඥ අජිත් පතිරණ සහ නීතිඥ තරිඳු වික්‍රමනායක මහත්වරුන් ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටුපස වාහනයේ පැමිණි පුද්ගලයා ඉරාන තානාපතිවරයා උවත් සාමාන්‍ය පුරවැසියකු උවත් කිසිදු අවස්තවකදී වෙනත් කිසිවකුට පහරදීමට නොහැක.
තානාපති කියන්නේ විදෙස් රටක ඒ රට වෙනුවෙන් සිටින නියෝජිතයා තමයි. ඔහුට පහර දෙනවා කියන්නේ එරටට පහර දෙනවා වගේ බරපතල වරදක් වෙනවා. පිටුපසින් පැමිණි වාහනය තානාපතිගේ කියලා නොදන්නා බව පිළිගන්න පුළුවන් දෙයක් නොවෙයි.. තානාපති වාහන සඳහා අංක තහඩුව අනුව තේරුම් ගන්න පුළුවන්. දැන් සැකකරු බේරාගන්න හදන පිරිස් යම්විදියකින් තානාපති මියගියා නම් ගන්න පියවර මොකක්ද? ඒක කොහොම වුණත් එවැනි දෙයක් වෙලා ප්‍රතිඵලය අහිතකර වුණොත් රටට වෙන්න පුළුවන් හානිය කොහොම වේවිද කියලා හිතනවා නම් කාටකාටත් හොඳයි..
කටුනායකදී පහර දුන්නේ කම්කරුවෙකුට හින්දා ගහපු කෙනා නිදහසේ ඉන්නේ...!
මේ අර බුවනෙක හෝටලේ අයිතිකාරයගෙ පුතානේ..හෙහ් හෙහ් හෙහ්..
ඔය නීතිය එයාපෝට් එකේ බඩු අදින මිනිහට අදාළ නැද්ද
මිනීමැරුම් චෝදනා කරල වසර දෙකතුනකට ඇතුළට දාන්න. මොකද බොනට් එකට අත තියාගෙන ඉන්න පුද්ගලයෙක් යටකරගෙන යන්න උත්සාහ කරලා තියෙනවා. අනිත්ස ල්ලිකාර මොලේ නැති හරක්ට පාඩමකට ගන්න. හැබැයි සල්ලි දැකල ඊර්ෂ්‍යා කරන කුහක ජෙප්පො කියන්න එපා,
ඉතාම හොඳයි... වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න.