
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් උත්තරීතර නායක මොජ්තබා කමේනිට අවම වශයෙන් එක් පාදයක් අහිමිවී ඇති බවත් අක්මාවටද දැඩිව හානි වී ඇති බවත් කුවේටයේ "අල්-ජරීදා" පුවත්පත සහ බ්‍රිතාන්‍යයේ "ද සන්" පුවත්පත පසුගියදා වාර්තා කළේය.
ඔහුගේ තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහා සියලු පහසුකම් සහිත විශේෂඥ රෝහලක් අවශ්‍ය වුවත් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, දිගින් දිගටම ඉරානයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් කමේනිට ඉරානය තුළ ප්‍රතිකාර කිරීම අපහසු වී ඇති බවත් එම පුවත්පත් ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් ඉරාන උත්තරීතර නායකයාව ඉතාමත් රහසිගතව රුසියාවට රැගෙන ගොස් ඇති බවත් ඒ සඳහා රුසියානු හමුදා ගුවන් යානයක් ඉරානයට පැමිණ ඇති බවත් එම පුවත්පත් සඳහන් කළේය.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනාව පරිදි ඉරාන උත්තරීතර නායකයාව රුසියාවට රැගෙන ගොස් ඇති බවත් පුටින්ගේ නිල නිවසකදී කමේනි සාර්ථකව ශල්‍යකර්මයකට මුහුණදී ඇති බවත් එම පුවත්පත් පැවැසුවේය.
කමේනිට රුසියාවේදී ප්‍රතිකාර කළ හැකි බව රුසියානු ජනාධිපතිවරයා පසුගිය 12 වැනිදා දුරකතන මාර්ගයෙන් යෝජනා කර ඇති බවත් එදිනම පස්වරුවේ තුවාල ලබා සිටි කමේනිව රුසියාව බලා රැගෙන ගොස් ඇති බවත් එම පුවත්පත් සඳහන් කළේය. මොජ්තබා කමේනි තුවාල ලැබුවේ අයතුල්ලා අලි කමේනි මියගිය ප්රහාරයෙන්ද වෙනත් ප්රහාරයකින්ද පැහැදිලි නැතැයි එම පුවත්පත් වාර්තා කළේය.
ඉරාන උත්තරීතර නායකයා ලෙස පත්වීමෙන් පසුව මොජ්තබා කමේනි තවමත් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමට එය හේතුව බවද එම පුවත්පත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ, ඉක්මනින්ම දෙවියන් හමුවීමට තිබුණ අවස්ථාවක් ඇයි මගහැරියේ ...
ඔබට මතකද, අපේ ශ්‍රී ලංකාවේ වැඩ සිටි ඉතාමත් ප්‍රසිද්ධ බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් (සමාවන්න, මට උන්වහන්සේගේ නම මතක නැත!) වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුසියාවට ගොස් තිබුණා. උන්වහන්සේ යලිත් මෙරටට රැගෙන ආවේ,සුවපත් නොවී , රුසියාවේදී “අපවත්වී” ආදාහනය කිරීමට සුදුසු, දේහයක් හැටියටයි! ඒ රටේ වේද හෙදකම් එතරම්ම ප්‍රසිද්ධය, රහසිගතය. එම ස්වාමීන් වහන්සේගේ අපවත්වීම ගැන අද දක්වාම රුසියාව නිහඬයි. ඉරානයේ, “දින තුනේ ආධ්‍යාත්මික කළු කබා , ටොප්පි මිනි මරු, දුෂ්ට නායක”, මෙලහකටත් එලොව ගිහින් ඇත. වවෙස් මුහුණක් දාගෙන "aluth mollek", ටෙහෙරානයේ ටීවී දේශනාවක් ළඟදීම කරොත් එය පුදුමයට කරුණක් නොවෙන්න පුළුවන්!!!