IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉරාන තෙල් ලංකාවට දුන් සමාගම් 2කට ඇමෙරිකාවෙන් සම්බාධක

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරාන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමට පහසුකම් සැලසූ සමාගම් දෙකක් ඇතුළු ඉරානයේ තෙල් හා ඛනිජ රසායනික වෙළෙඳාමට සම්බන්ධ පුද්ගලයන්, ආයතන සහ නැව් 50 කට ආසන්න ප්‍රමාණයක් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා සම්බාධක පැනවූවේය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සම්බාධක පනවා ඇති සමාගම් දෙක වන්නේ ස්ලෝගල් එනර්ජි ඩීඑම්සීසී සහ මාර්කන් වයිට් ට්‍රේඩිං යන සමාගම්ය.

එලෙස සම්බාධක පනවමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ මෙම පාර්ශව ඉරානයට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් උපයා දීමට වක්‍රාකාරයෙන් දායක වී තිබෙන බවත් ඉරාන තෙල් හා ඛනිජ රසායනික වෙළෙඳාම අඩපණ කිරීම සඳහා ඊට සම්බන්ධ පාර්ශ්වයන්ට සම්බාධක පනවන බවත්ය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව චීනයට සම්බන්ධකම් ඇති ස්ලෝගල් එනර්ජි ඩීඑම්සීසී සහ මාර්කන් වයිට් ට්‍රේඩිං යන සමාගම් ඉරාන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ශ්‍රී ලංකාවට සපයා ඇත.

එම සමාගම් දෙකට සම්බාධක පැනවීම මගින් මෙරට ආනයනකරුවන්ට සිය ඇණවුම් ලබාගැනීමේදී ප්‍රමාදයකට හෝ පිරිවැය ඉහළ යාමකට මුහුණදීමට සිදුවනු ඇති බවත් ඉන් සැපයුම්දාමයට බාධා එල්ල වනු ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

රාජ්‍ය දෙපර්තමේන්තු වාර්තාවට අනුව පසුගිය වසරේදී මාර්කන් වයිට් ට්‍රේඩිං සමාගම ස්ලෝගල් එනර්ජි ඩීඑම්සීසී හරහා ඩොලර් මිලියන ගණනක ඉරාන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් මෙරට අලෙවි කිරීමට හා නැවුගත කිරීමට පහසුකම් සපයා ඇත.

පසුගිය වසරේදී සහ මෙම වසරේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වෙනුවෙන් ස්ලෝගල් එනර්ජි සමාගම ඩොලර් මිලියන ගණනක ඉරාන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් මිලදී ගෙන ඇති බවත් ඒවා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වෙත ළඟාවී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

ස්ලෝගල් එනර්ජි ඩීඑම්සීසී සහ මාර්කන් වයිට් ට්‍රේඩිං වෙත ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සම්බාධක පැනවූ සිවුවැනි අවස්ථාව මෙය වෙයි.

 



අදහස් (1)

ඉරාන තෙල් ලංකාවට දුන් සමාගම් 2කට ඇමෙරිකාවෙන් සම්බාධක

අපි නොදන්න ඇත්ත Saturday, 11 October 2025 09:52 AM

GenZ ලාගේ රහස ඒකයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site