
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානය පසුගිය සති අන්තයේදී ඇමෙරිකාව සමග කිසිදු ඵලදායී සාකච්ඡාවක් සිදු නොකළ බවත් අරමුණු ඉටු කරගන්නා තෙක් ඉරාන හමුදාව සිය මෙහෙයුම් සිදු කරනු ඇති බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේය.
එසේම හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරනයට පහර දෙන්නන්ට අඛණ්ඩව වසා තබනු ඇතැයිද එම අමාත්‍යාංශය පැවැසුවේය.
අරමුණු ඉටුකර ගැනීමට පෙර ඉරානය කිසිදු සාකච්ඡාවක් ඇමෙරිකාව සමග සිදු නොකරන බවද ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
පසුගිය සතියේ අන්තයේද සෘජුව හෝ මැදිහත්කරුවකු මාර්ගයෙන් ඉරානය ඇමරිකාව සමග කිසිදු සාකච්ඡාවක් නොකළ බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ජනපති ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුමේ එලෙස සටහනක් තබා ඇත්තේ ඉරාන හමුදාවෙන් එල්ල වන පීඩනයක් ඉරාන යුද්ධය හේතුවෙන් ඇමරිකාව තුළින් එල්ල වන මූල්‍ය පීඩනයත් හේතුවෙන් පසුබැසීමට බවද ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.
මැදපෙරදිග කලාපයේ රටවල් කීපයක් මැදිහත්කරුවන් වෙමින් සටන් විරාමයකට එළැඹෙන ලෙස ඉරානයට යෝජනා කර සිටි බවත් ඒ සියලු පාර්ශවයන්ට ඉරානය ප්‍රකාශ කර සිටියේ යුද්ධය ආරම්භ කරනු ලැබුවේ ඉරානය නොවන බැවින් එය ඇමරිකාවට පවසන ලෙස බවත් යැයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය ට්‍රම්ප් ගේ පණිවුඩය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඉරාන හමුදාව අඛණ්ඩව යුධ වදිනු ඇති බවත් සිය සතුරන්ට පරාජයක් අත්වනු ඇති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට ඉදිරියට ටික කාලයක් ඉතාමත් දුෂ්කර තත්වයකට පත්වන්නට සිදුවන බව දන්නා නමුත් ඉරානයට අපගේ සම්පුර්ණ සහයෝගය දිය යුතුමය.ට්‍රම්ප් කිසිම අයුරකින් විශ්වාස කල නොහැකි අනුර ප්රමුඛ මාලිමා සෙට් ඵක ලෙස බොරුවෙන් ජනතාව රවටා සැහැසි ලෙස ක්‍රියා කරන රාජ්‍ය අපරාධ නායකයන් බව පැහැදිලිවම කියන්නට අවශ්‍යය.
ඉරානයට ජය වේවා !
මූලික වැරැද්ද කරන ලද්දේ ඇමෙරිකාව විසිනි. ඉරානය නිවැරදිය. ඇමෙරිකාව මෙම යුද්ධය නවතා දමා ඉරානයට සාධාරණ වන්දි මුදලක් ලබා දිය යුතුය.
නාකි රැලක ගේ යුද්ධ නිසා මේ ලෝකෙම මින්ස්සුන්ට අනවශ්‍ය ප්‍රශ්න. ඇත්තම මුන්ට මිනිස්සු මරන්න ප්ලැන් කරනවට වැඩිය වෙන වැඩක් නැතිද. මුන් හින්ද මුළු ලෝකෙම මිනිස්සු විඳවනවා