IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ නිෂ්පාදිත කුරහන්පාට දුම්රිය මැදිරි 30ක් කොළඹ වරායට

(රේඛා තරංගනී ෆොන්සේකා)

කොරෝනා වසංගත පෙර ඉන්දියාවෙන් ඇනවුම් කළ දුම්රිය එකසිය හැට ව්‍යාපෘතිය යටතේ ඇණවුම් කරනු ලැබූ කුරහන් පැහැගත් මැදිරි තිහක් කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙන් මෙරටට රැගෙන ආ බව දුම්රිය නියෝජ සාමාන්‍ය අධිකාරී (ප්‍රසම්පාදන) අසේල පතිරත්න මහතා පැවසීය.

මෙම කුරහන් පැහැගත් දුම්රිය මැදිරි ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් (INTEGRAL COACH FACTORY) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත මැදිරි බවද ඒ මහතා පැවසීය.මෙරටට ගෙන එනු ලැබූ මැදිරි තිහේ වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ෂ 147ක් බව අසේල පතිරත්න මහතා පැවසීය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ මැදිරි එකසිය හැටෙන් දහයක් 2021 මාර්තුමස මෙරටට රැගෙන ආ අතර අද දින ලැබී ඇති මැදිරි තිහ සමග ලැබී ඇති මැදිරි මුළු ගණන 40 ක්බවද ඔහු පැවසීය.

ඒ අනුව ඇනවුම් කොට ඇති මැදිරි 160 යටතේ තවත් මැදිරි එකසිය විස්සක් ලැබීමට නියමිත බවද ඒ මහතා පැවසීය.

ගෙන්වු මැදිරි කට්ටල අතර 3වන පංතියේ මැදිරි දහතුනක්, 2වන පංතියේ මැදිරි අටක්,3වන පංතියේ තිරිංග මැදිරි හතරක්,2වන පංතියේ තිරිංග මැදිරි එකක්,1වන පංතියේ වායුසමන මැදිරි තුනක්,තැපැල් තිරිංග මැදිරි 1 ඇති බවද ඒ මහතා පැවැසීය.

එම මැදිරි දිගින් මීටර් විස්සක් පමන වන බව සඳහන් කල ඒ මහතා මෙම මැදිරි මීට පෙර මෙරටට ගෙන්වන ලද එම් එකොළහා (M11) දුම්රිය එන්ජින් සඳහා සැකසු මැදිරි බව පැවසිය.

එම මැදිරි පහත රට ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ ධාවනය කිරීමට නියමිතය.



අදහස් (21)

ඉන්දියාවේ නිෂ්පාදිත කුරහන්පාට දුම්රිය මැදිරි 30ක් කොළඹ වරායට

don perera Monday, 26 July 2021 12:23 AM

කුණු ගොඩවල්

:       0       0

සෙනෙවිරත්න Monday, 26 July 2021 06:11 AM

ලෝකෙට ණයවී මෙ කරනු ලබන ව්‍යාපෘති සම්බන්ධයෙන් තවදුරටත් කිසිවෙකු ප්‍රසාදය පල නොකල යුතුය. ඒ සම්බන්ධයෙන් පාලකයන් ට ස්තූතිය පල නොකල යුතු අතර පාලකයන්ද තම කයිවාරු වලදී මේ ගැන උදම් ඇනීම සිදු නොවිය යුතුය. මන්දයත් අපගේ දෑස් ඉදිරිපිටම මේවායේ අනිසි ප්‍රතිපල පෙන්නුම් කරන බැවිනි. මේවා ක්‍රියාත්මක කරන අය කිසිදු විටක අත ලෙව නොකන බවත් දුම්රියක් දෑසට නොපෙනෙන අසරන ජනතාවට පවා මෙහි අනිසි විපාක වලට මුහුණ දීමට සිදු වන බැවිනි. තමන් විසින් රට සංවර්ධන කර මහන්සියෙන් උපයාගත් මුදලින් කල මෙවන් එක ව්‍යාපෘතියක් පෙන්වන ලෙසට අභියෝග කරමි.

:       0       0

පප්ප Monday, 26 July 2021 06:37 AM

දැන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි පට්ට හොරුන්ගෙ සාටකයේ පාට නේ . මේ හෙඩිමෙ අගයක් තියෙනවද.කොච්චි පෙට්ටි ආවා කිව්ව නම් ඉවරයි නේ ලොක්කා .

:       0       0

මැක්ස් Monday, 26 July 2021 07:15 AM

ඔන්න දැන් අපට පාට අල්ලා ගෙන ආණ්ඩුවට ගහන්න පුලුවන්.

:       0       0

Wimal Monday, 26 July 2021 07:22 AM

ඉන්දියාවෙ කියන්නෙත් කුරහන් පාට කියලමද? තවත් කරන්නෙ හැට නවලක්ෂෙ චූන් වෙන වැඩම තමයි..

:       0       0

JANA Monday, 26 July 2021 07:35 AM

අර මලත් ගහලම එව්වා නම් ඉවරයිනේ..!!!

:       0       1

C.K.Lankaputhra Monday, 26 July 2021 07:57 AM

අප්පට ගජ, හොඳ ගාණක්... කොළඹ ඉඳලා වලස්මුල්ල, බැංකුව... නෑ නෑ සමාවෙන්න වැරදුණා බැංකුව නෙවෙයි, දුම්රිය ස්ථානය දක්වා ධාවනයට යෙදවෙයි...

:       0       1

Prase Monday, 26 July 2021 08:26 AM

පාඩු ලබන දුම්රියට මැදිරි ගේනවා... හොරට පඩි ගන්න සේවකයන්ගේ සල්ලිවලින්ද? මේවා මෝඩ වැඩ...!!!

:       0       1

දුම්‍රිය මගියා Monday, 26 July 2021 09:24 AM

ඉන්දියන් ලදරන් ගේන්න එපා කිව්වට අහන්නෙ නැහැ... කලින් ගෙනැල්ලා තියෙන රෝස පාට ඒවා අන්තිම සවුත්තුයි... ෆිනිෂිං එක බිංදුවයි. ඉන්දියාවේ එවට වඩා ඉන්දුනීසියානු කෝච්චි නිෂ්පාදන හොඳයි. අනික දැවැන්ත ඉන්දියානු එන්ජින් මෙහෙ රේල්පාරවල්වලට බරත් වැඩියි.. අපරාදෙ සල්ලි...

:       0       61

ජිම් පප්පා Monday, 26 July 2021 09:36 AM

ඇයි මේ කුරහන් පාට කියලා විශේෂණ පදයක්? හරිම වැරදියි.. හිරිකිතයි... ලංකාවේ තිබුණු හා තිබෙන දුම්රිය මැදිරි බොහෝමයක් දුඹුරු පාට ඒවා කියන්න දන්නෙම නෑ නේද?

:       0       138

Charith Monday, 26 July 2021 10:34 AM

ඉන්දියාවෙන් ණය අරං ඉන්දියාවෙන්ම බඩු ගන්නවා... ඉන්දියාවේ ආර්ථිකය ගොඩ දාන්න කොච්චර කැපවීමක් කරනවද අපේ දේශපාලකයෝ...?

:       338       263

WolvorinMonday, 26 July 2021 11:05 AM

ඉන්දියාවෙන් ණය අරන් ඉන්දියාවෙන්ම බඩු ගන්නවා නෙවෙයි, ණයට බඩුගන්නවා. ටික ටික ගෙවන්න...

:       349       388

kamalMonday, 26 July 2021 11:18 AM

ලක්ෂ 69 යේ ආශ්චර්යය...

:       69       118

SLMonday, 26 July 2021 11:28 AM

ලංකාවේ හදන්න පුළුවන් කියපුවා. හදන්න පුළුවන් අයට දුන්නේ නැහැ. ණයට ගද්දී කොමිස් වැඩියි.

:       1       102

dewa Monday, 26 July 2021 11:09 AM

කාගේද මේ මොලේ?

:       0       50

Siri Monday, 26 July 2021 11:25 AM

අපේ ළමයි කවදාවත් කුරහන් ඇටයක් දැකලා නෑ... ඉතින් කොහොමද කුරහන් මේ පාටයි කියලා කියන්නේ... කියන්න තියන්නේ ඉතින් අර වලව්වේ ටික බෙල්ල වටේ ඔතාගෙන ඉන්න ලේන්සුවල පාට කියලා තමයි...

:       62       149

De Monday, 26 July 2021 11:41 AM

ඉන්දියාවෙන් දුම්රිය මැදිරි, චීන නෙළුම් කුළුණු සහ වරාය... ලංකාවෙන් ලබු කිරිබත්... හිඟන අපිට වෙන මොන ආතල්ද සර්..?

:       104       223

විජේ Monday, 26 July 2021 12:32 PM

"අහෝ 'නන්දෙත්' නොදිටි මොක්පුර" කිව්වලු...

:       13       95

Vithana Monday, 26 July 2021 12:35 PM

ගිය ආණ්ඩුවෙන් පටන් ගත්තු තන්ත්‍රී දුම්රිය මැදිරි නවීකරණය සහ අළුත්වැඩියා කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කරලා ණයවෙලා, ඩොලර් වියදම් කරගෙන ඉන්දියාවෙන් ගෙන්වනවා. අනිවාර්යයෙන් මේකේ කොමිස් ගැහිල්ලක් තියෙන්නම ඕනෑ. දේශීය කර්මාන්ත නගා සිටුවන්නයි ආවේ... අන්තිමට වෙන්නේ ඊට විරුද්ධ දේවල්... තන්ත්‍රී සමාගම එක්ව එම ව්‍යාපෘතිය කරපු නිමල් සිරිපාලද සිල්වා ඇමැතිතුමාත් මේ ආණ්ඩුවේ ඉන්නවා මේවා බලාගෙන... ඒකයි දුක...

:       53       194

Kumara Monday, 26 July 2021 01:19 PM

පුළුවන් නම් වැසිකිළි පෝච්චි කට්ටල ටිකක් ඔය පැත්තෙන් ගෙනත් හදලා දාන්නකෝ...!

:       0       30

PA - RA Friday, 13 August 2021 02:12 PM

ලංකාවේ එදා එංගලන්තයේ මැදිරි තිබුණා... ඒවා බොහෝකල් ධාවනය වුණා. නමුත් ඊට වඩා ජර්මන් මැදිරි වටිනවා. බොහෝ කල් පවතිනවා.. අපි බලාපොරොත්තු වුණාට ඒවා කවදා ඒවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 8 0

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 140 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 106 0

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 153 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 43 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 37 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1542 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site