IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ 10 ගෙන්නන්න යයි

(මහින්ද නිශ්ශංක)

ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

ඉන්දියාවේ කුකුළු ගොවිපළ දෙකකින් බිත්තර ආනයනය සිදු කළ බව පවසන සභාපති එයට අමතරව ඉන්දියාවේ තවත් ගොවිපළ තුනකින් බිත්තර මිල දී ගැනීමට සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇතැයි ද කීය,

ඉන්දියාවේ කුකුළු ගොවිපළ පරීක්ෂා කිරීමේ සංචාරයක නිරත වූ සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ නිලධාරීන් තිදෙනා ලබා දී තිබූ වාර්තාව අනුව අලුතෙන් තවත් ගොවිපළ තුනකින් බිත්තර ගෙන්වීමට මෙසේ අවසරය ලැබුණු බව ද සභාපති ආසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

දිනකට ලක්ෂ දහය බැගින් ආනයනය කරන බිත්තර බේකරි, හෝටල්වලට බෙදා හැරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු කීහ.

 



අදහස් (5)

ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ 10 ගෙන්නන්න යයි

සමන් Monday, 29 May 2023 10:05 PM

මෙහෙම හැම රෙද්දම ඩොලර් දීල රටින් ගේන්න නම් මොකටද පදුරු ගනනක් ඇමතියෝ. ඔය වෙළඳ ඇමතියා මුලින්ම ඇදුම ගලවලා ගෙදර යවන්න ඕන.

:       3       6

Malika Tuesday, 30 May 2023 06:09 AM

මේ ඕඩරයට සම්බන්ධ දේශපාලකයා කවුද දන්නේ නෑ. මෙයාලගේ හොරකම් නිසා මඩිය තද කරගන්න බිත්තර පිටරටින් ගෙන්නලා අපේ මිනිසුන් මරන්න යන්නේ හොයා ගන්න බැරි ලෙඩ හදලා. අපේ අසරන ෆාම් කාරයින්ගේ ගොවිපොලවල් ටික වහලා රස්ස නැති කරලා මුන් පොහොසත් වෙනවා පිටරටින් බිත්තර ගෙනත්. ඔය පිටරටින් බිත්තර ගේන වෙලේ කුකුල් කෑම ටික ගෙන්නලා සාධාරන ගානකට ගොවිපොලවලට දීලා ෆාම් කරන අය දිරිමත් කරලා රටේ අයගේ අවශ්‍යතාවයට මුල් තැන දෙන්න පුලුවන් විදියක් සලස්සවන්න බැරිද අපිට. අපේ කෘශිකර්මය / සත්ව ගොවිපොල පාලනය ඉගෙන ගත්තු දරුවෝ පිටරට යනවා මේ දරුවන්ගේ දැනුම ප්‍රයෝජනයට අරන් මොනවද අපිට කරන්න බැරි. සියලුදේ ස්වාභික සම්පත් තියන අපේ රට දියුනු කරන්න බැරි කාලකන්නි 225 නිසා. උගත්තු යනවා රටවලට. ජනාධිපති 2040 රට ගොඩ ගන්නවා. මේ විදියට ගියොත් රටක් තියේවිද??

:       2       4

මූ පිස්සෙක් Tuesday, 30 May 2023 03:19 PM

ඉන්දියාවේ මිනිස්සු කුකුළෝ අරගෙන හදල බිත්තරේ පැක් කරලා නැවට ගෙවල මෙහෙ බදු එහෙමත් ගෙවල විකුනනවා අපේ රටේ හදන බිත්තරේට වඩා අඩුවට, එහෙම නම් මොකද අවුල?

:       1       0

කිරිපුතා Tuesday, 30 May 2023 09:34 AM

මේ සිදුවෙන්නේ විශාල වරදක්. නමුත් ඊට වගකිව යුත්තේ ලංකාවේ බිත්තර නිශ්පාදකයින්මයි. ඔවුන් වැඩි මිලට විකිනීම සඳහා බිත්තර හැංගුවා. විනාශ කළා. දැන් වෙන්නෙ අපට නිශ්පාදනය කරගන්න පුලුවන් දේ පිටරටින් ගේන එක. අන්තිමට රටේ නිශ්පාදනය හාන්සි. ගෙන්වන අය කොමිස් වලට රහ වැටිලා ඇත්තෙ

:       0       7

thusha_ra Tuesday, 30 May 2023 09:40 AM

යකෝ මිනිස්සු කන්න නැතුව මන්ද පෝෂනෙන් ඉන්නවා. හෝටල් වලට බෙදලා දෙන්නේ කේක් කවන්නද?

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site