(කාංචන කුමාර ආරියදාස)
ඉන්ධන මිල තවදුරටත් ඉහළ යෑම හේතුවෙන් ගොවීන්ට ව්‍යාපාරිකයන්ට අසීරුතා රැසකට මුහුණ පෑමට සිදුව ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි පිරිස් අද (26) උදෑසන පැවසූහ.
මේ වන විටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවලු විශාල ලෙස පහත ගොස් තිබෙන බවත් ඒවා මිලදී ගැනීම් සඳහා පැමිණෙන ව්‍යාපාරිකයන්යන් ගේ ද විශාල අඩුවක් පවතින අවස්ථාවක එක වැකවරම ඉන්ධන මිල තවදුරටත් ඉහළ යෑම තුළින් ආර්ථික මධ්‍යස්ථානය පමණක් නොව එළවළු වගාවද අකර්මන්‍ය වීමේ දැඩි අවදානමක්ට ලක්ව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම එළවළු වර්ග රැගෙන ඒම සිදුවේ එමෙන්ම ඒවා මිලදී ගැනීම්ටද දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ව්‍යාපාරිකයෝ පැමිනෙමින් සිටිති.
නමුත් ඉන්ධන මිල ඉහළ යෑම තුළ තවදුරටත් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බවට ගොවීහු මෙන්ම ව්‍යාපාරිකයෝ කීහ.
මේ වන විටත් ගෝනි පිටින් රැගෙන ආ එළවළු ඉතා සීමිත ප්‍රමාණයන් ෂොපින් බෑග්වල පවා අලෙවි කිරීමට රැගෙන විත් ආර්ථික මධ්‍යස්ථානයේ තබා තිබෙන දසුන් දැක ගැනීමට හැකි ය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්ධන මිල වැඩිවීමෙන් දඹුලු ආර්ථිකයේ වෙළදාමට බාධා