
(යොහාන් භාසුර)
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධනවල මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (9) රාත්‍රී නිවේදනය කළේය.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 13 කින් ඉහළ දැමූ බව නව මිල අද (9) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 303 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 353 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 317 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 195 ක් බව එම සංස්ථාව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසෙක ස්ටොක්ස් තියෙනවා කිව්වා ...
මිත්‍රවරුනේ, මේ මස අවසාන වන විට මුළු වැඩිවීම රුපියල් 100 කින් පමණ ඉහළ යාමට නියමිතයි...
මැයි මස දක්වා පරණ මිලට තොග සහ ඇනයුම් සිදුකරන ලදැයි පැවසීය... දැන් කොහොමද මිල වැඩි කරන්නේ...?
ඈ බොල පච කුමාර, දැන් උබේ එවුන් කිව්වේ මාසයකට තෙල් ගබඩා කරලා තියෙනවා කියලා නේද? ඒ කියන්නේ ජාත්‍යන්තර වෙළඳ පොලේ තෙල් මිල වැඩි වෙන්න කලින් ගත්ත තෙල් වල මිල තමයි උබලා මේ වැඩි කෙරුවේ. ජනතාව බලා ගන්න කියලා කිව්වේ මෙහෙමද? වරෙන්කෝ ඊළග ඡන්දයේදී අපි උබලව බලා ගන්නම්...
ඉදිරියට එන තොග වල මිල දැනටම අයකර ගැනීම...
කිව්වේ දවස් 80කට ස්ටොක්ස් තියෙනවා කියලා... ඇයි මෙහෙම වැඩි කරන්නේ...? ඕක තමයි කියන්නේ පච ආණ්ඩුව කියලා...
දැන්නං ඉතිං අර කාන්තාවගේ එකසිය හැට අඩු කලයුතුමයි.
ඒ කාලේ පම්පෝරිය මතක් වුනා, තිරිකුණාමලේ තෙල් ටැංකි ටික තෙල් ගබඩා කරන සැලසුම් මතක් වුනා. දැන් ගෑස් තෙල් හිඟ වේගෙන එනවා. දැන් යුද්ධය පෙන්නලා ජාම බේරාගන්න ට්‍රයි කලාට මතක තියාගන්න මේ හිඟය ආවේ යුද්ධයටත් කලින්.