
(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල කප්පාදු කිරීමට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන ඉන්ධන ඇනවුම් නොකිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් අද (2) පස්වරුවේ පැවසීය.
ඉන්ධන පිරවුම්හල් සතුව තිබූ ඉන්ධන තොග තවදුරටත් ජනතාවට බෙදාහරින බවත් එම තොග අවසන් වූ පසු හෙට (3) පෙරවරුව වන විට බොහෝ ඉන්ධන පිරවුම්හල්වල තොග අවසන්වනු ඇති බවත් එම නිලධාරියා කීය.
එම ක්‍රියාමාර්ගයට සමගාමීව රට පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් රාත්‍රීය 8.00 ට වසා දමන බව ද කී එම නිලධාරියා රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක් මීට පෙර පැය 24 සේවා කාලයක් ඉන්ධන සැපයූ බව ද සඳහන් කළේය.
ඉන්ධන පිරවුම්හල්වලට සෙනසුරාදා දිනයේ ද ඇනවුම් කර තිබූ තොග ලැබුණු අද දිනයේ ඇණවුම් කර නොමැති බවත් එම නිලධාරියා කීය.
ඉන්ධන පිරවුම්හල් හිමියන් ද ව්‍යාපාරයක් කරන බැවින් ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව කී එම නිලධාරියා බලධාරීන් මෙම ගැටළුවට විසඳුම් දීම සඳහා හැකි ඉක්මණින් සාකච්ඡාවක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙදුම් කරුවන්ට දෙන්න ඕනේ කමිෂන් එක උසාවි නියෝගයකින් පවා තහවුරු කරලා තියන නිසා, මෙහෙම එකට විරුද්ධව තර්ජනය කරන අයව වහාම අත්අඩංගුවට ගන්න...
ඉන්ධන පිරවුම් හල් අයිතිකාරයින්ට ඕනෑ විදියට උසාවි අවසර දෙනවාද..? උසාවියට අපහාස කළාට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්න. මේ ඉල්ලීමට යට වෙන්න එපා.
කොයි දේටත් වර්ජන කරන තැනට ජන මනස හදපු, කාබසිනියාකර ජවිපෙයයි වර්තමානයේ රට ආණ්ඩු කරන්නේ. ඔවුන් වැපිරූ දෙය ඔවුන්ට පාරා වළල්ලක් වීම ඔවුන්ට යස පාඩමක් වූවාට රටට අයහපත්ය...
ඉන්ධන ලීටර් එකකට රුපියල් 4.86 ක් ලැබෙනවා මදිද? තණ්හාය ජායති සෝකෝ....
ව්‍යාපාරිකයෙක් ලබන ලාභයට ඉරිසියා කිරීම ජෙප්පන්ගේ උපන් ගතියක්. ආණ්ඩුවේ උද්ධච්චකම නිසා තෙල් පෝලිම් දිග්ගැස්සුනොත් සංචාරක ව්‍යාපාරය විනාශයි. එතකොට, කොමිස් එක කපලා ඉතුරු කරගන්න සොච්චම වගේ දහස් ගණනක පාඩුවක් වෙයි.
ජනාධිපතිතුමනි,තෙල් බෙදාහැරීම් නොකරන ඉන්ධන පිරවුම්හල් හිමියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරවන්න. තෙල් බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවාවක් කරලා, ඒ කටයුත්ත කරන්න හමුදාවට බාර දෙන්න.
ව්‍යාපාරිකයාට ලාභ අවශ්‍යයයි හැබැයි සාධාරණ ලාභයක්. උසාවි තීරණයකට ගරු නොකරනවා නම් ???? බය කරලා, පාරිභෝගිකයා අපහසුතාවයන්ට පත්කරලා. මංකොල්ලයක් වගේනේ.
ඉන්ධනහල් හිමියන්ට ලාභ ලැබෙනවද නැද්ද කියන එක ජනතාවට අදාළ නැහැ. ඉන්ධන හිඟ වීමෙන් ඉන්ධන පෝලිම් වල ජනතාව රස්තියාදු කිරීම කිසිසේත් යුක්ති සහගත නැත. ඒ නිසා මේවගේ පටු වැඩ නොකර ජනතාව පෝලිම් ගැසීම වහාම නතර කරන්න. නැත්නම් මේ ආණ්ඩුවට වෙන්නෙත් ඔක්කොම අකුලගෙන ගෙදර යාමටයි.
සිංගප්පූරුවේ ඉන්න මගේ හොදම යාළුවා කිව්වේ සිංගප්පූරුවේ ඔහොම වුනා නම් ඉන්ධන බෙදුම්කරුවන්ගේ බලපත්‍රය අහොසි කරනවා වගේම රටේ ආර්ථිකයට වගේම ජනතාව පීඩාවට පත් කරා කියලා අවුරුදු 25-30කට හිරේ දානවා ලු. එකයි ලු සිංගප්පූරුවේ වර්ජන නැත්තේ. මේ රජය දැඩි වෙන්න ඕනේ සිංගප්පූරුවේ වගේ.
දාන්න හමුදාව ඕකුන්ට දෙන්න එපා ජනතාව සුරාකන්න