
(අංජුල මහික වීරරත්න)
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ශිල්ප සභාව ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව සංවිධානය කළ "ඉන්දු - ලංකා හස්ත කර්මාන්ත සහ සංස්කෘතික උළෙල"හැව්ලොක් සිටි මෝල්" හිදී ආරම්භ කෙරිණි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි මෙම ප්‍රදර්ශනය හෙට( 16 )තෙක් පැවැත්වෙයි.
දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ සඳහා අලෙවි පහසුකම් ලබාදීම, එම ශිල්පීන්ගේ නිර්මාණ අතරමැදියන්ගෙන් තොරව ගැනුම්කරුවන් වෙත සෘජුව අලෙවිකර ගැනීමට අවස්ථාව උදාකර දීම, ශ්‍රී ලාංකිකයන්ට විදේශීය හස්ත කර්මාන්ත නිර්මාණ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම යන අරමුණු මුල් කර ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කරයි.
දේශීය මෙන්ම විදේශීය නිර්මාණ ඇතුළත් නිර්මාණ අලෙවි කුටි සියයකින් යුක්ත මෙම "ඉන්දු - ලංකා හස්ත කර්මාන්ත සහ සංස්කෘතික උළෙල" ලාංකික හා ඉන්දියා සංස්කෘතික අංග රැසකින්ද සමන්විත වෙයි.
මෙහි සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් Santosh Jha, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහත්වරු ද සහභාගී වූහ.


2025 දෙසැම්බර් මස 04
261
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
401
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දු - ලංකා නිර්මාණ ශිල්පීහු සීයක් එකම වේදිකාවක
BBC Saturday, 15 November 2025 01:56 PM
ඉන්දියාව ලඟම මිතුරා වීම ලංකාවට අනිවාර්යය කාරණයක් ඉන්දියාවට ද එය එසේමය.