
(නිමල කොඩිතුවක්කු)
මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද (5) කොළඹ දී සිදුවිය.
එහි දී දෙපාර්ශ්වය අතර සමාජ, දේශපාලන හා ආර්ථික වශයෙන් වැදගත් කරුණු රැසක් හුවමාරු කර ගැනීමට කටයුතු කලේය.
එසේම අප රට බංකොලොත් වූ අවස්ථාවේ තනි රටක් ලෙස අප රටට වැඩිම ආධාර ලබා දී උදව් කළේ ඉන්දීයාව බවත් ඒ අවස්ථාවේ දී රටට සවියක් වීමට ඉන්දීය රජය ලබා දුන් සහයෝගය ඉතා අගය කරන බවත් ඒ වෙනුවෙන් සිය ස්තූතිය ඉන්දීය රජයටත් ඉන්දීය ජනතාවටත් පුද කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.
එමෙන්ම ඉන්දිය ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් පදනමක් ලෙස පවත්වාගෙන දෙරටේ ආර්ථික සමාජීය දේශපාලන ඉලක්ක සම්පූර්ණ කර ගෙන සෛරිත්වය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂා කර ගැනීමට කැපවන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් අඬන්නේ නැතිව ඉන්න
ආපහු ගමනට ප්ලෙන් ඕන්නෑ මෙතුමාගේ ඉංග්‍රීසි ඇහුවට පස්සේ.
මම තාම කල්පනා කරනවා මේ සජිත් මහත්තයා උස කෙනෙක්ද? මිටි කෙනෙක්ද? කියලා...!
බොහොම හොඳයි... ගිවිසුම් ගැන අහගත්තනේ... විමලෙටයි, පෙරෙටුවන්ටයි කියා දෙන්න පැහැදිලි කරගත්තුවා.... පින්තූර දීලා විතරක් මදි...
මල හත්තිලව්වයි, අන්න මෝදි ගොයියා ඉංදියාවට ගිය වෙලේ ඉඳන් ජපන් බාසාවෙන් කතාකරනවාලු…!