
(නිමල කොඩිතුවක්කු)
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
රටේ ජල පරිභෝජනය ඉහළ ගොස් ජල සම්පාදනය කිරීම සඳහා පවතින මූලාශ්රවල ජල ධාරිතාව යම් අඩුවීමක් සිදුව ඇති බැවින් මෙම පියවර ගැනිමට සිදුව ඇති බවත් එහි සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේය.
පවතින තත්ත්වයන් සමග කොළඹ දිස්ත්රික්කය ඇතුළු බස්නාහිර පළාතේත් ඇතැම් පළාත්වලත් බොහෝ ප්රදේශවලත් ජල සම්පාදනය පැය විසිහතර තුළම ක්රියාත්මක කිරීමේ යම් අපහසුතාවයන් පැමිණ ඇති බවත් ඔහු පැවසිය.
ජල සම්පාදනයේදී උස් බිම් ප්රදේශවලට ජලය සැපයීමේදී අඩු පීඩන තත්වයක් යටතේ ජලය සම්පාදනය වීම මේ වන විට විශාල ගැටළුවක් බවත් සභාපතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd