(රෝෂන් තුෂාර)
ඉතාලි තානාපති කාර්යාලට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට ඉතාලියේ රැකියා දෙන බව පවසා ලක්ෂ විසි හයක් වංචා කළ බව කියන නරාහෙන්පිට පදිංචි කාන්තාවක ලබන 06වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (29) නියෝග කළේය.
අයේෂා මතුගමගේ සැකකාරිය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඇය සමග අත්අඩංගුවට පත් ත්‍රිවිල් රියදුරකු වූ ධර්මපාලගේ පියසේන ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඉතාලි රැකියා අපේක්ෂාවෙන් මුදල් ලබා දුන් සිව් දෙනකු කළ පැමිණිලි අනුව සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව උප පොලිස් පරීක්ෂක ජයසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
පැමිණිලිකරුවන්ගෙන් රුපියල් ලක්ෂ දහය හා රුපියල් ලක්ෂ හය බැගින් ලබාගෙන ඇති බවත් කරුණු ඉදිරිපත් කෙරිණි.
සැකකාර තීවිල් රියදුරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයටකරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයා කිසිදු මුදලක් පැමිණිලිකරුවන්ගෙන් ලබාගෙන නොමැති බවය.
දෙපාර්ශවය කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරමින් රියදුරාට රුපියල් දස ලක්ෂය බැගින් වූ ඇප දෙකක් නියම කරමින් ඔහු මුදා හැරීමට නියෝග කළේය.
COMMENTS