
(සුජිත් හේවාජුලිගේ )
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව) තීරණය කර ඇත.
මේ අනුව එම කොමිෂන් සභාවේ ප්‍රධානීන් ඉදිරි දිනවල කැඳවීමට බලාපොරොත්තු වන බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් මීට ඉහත අවස්ථා කිහිපයකදීද කෝප් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කර තිබිණ.
එම කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව තොරතුරු රැසක් විගණන වාර්තාවෙන්ද අනාවරණය කර ඇත. මෙයට අමතරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ ප්‍රධානීන්ද ඉදිරියේදී කමිටුව හමුවට කැඳවන බව ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් වෙන වෙනම විස්තරාත්මක වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කෝප් කමිටු සභාපතිවරයා පැවසීය. නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ පහසුව සැලකිල්ලට ගෙන එලෙස කටයුතු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd