
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ ජනවාරි මාසයේදී විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති මුදල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වෙද්දී සංචාරක ඉපැයීම් සුළු වශයෙන් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.
මෙම වසරේ ජනවාරි මාසයේදී විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 751.1 මුදලක් මෙරටට ඒවා ඇති බවත් එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 31.1 ක වර්ධනයක් බවත් එහි දැක්වේ. එසේම මෙම වසරේ ජනවාරි මාසයේදී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 378.3 ක් උපයා ඇති බවත් එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සංචාරක ඉපැයීම්වල සියයට 5.6 ක පහළ යාමක් බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 573 ක් මෙරටට එවා තිබූ බවත් පසුගිය වසරේ ජනවාරි මාසයේදී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400.7 ක මුදලක් උපාය ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
පසුගිය වසරේදී විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් බිලියන 8.07 ක වාර්තාගත මුදලක් මෙරටට එවා තිබූ අතර ඒවා තිබිණි. ආර්ථික අර්බුදය හමුවේ මෙරට ශ්‍රම බළකායෙන් විශාල පිරිසක් රැකියා සඳහා විදේශගත වීම දිනෙන් දින මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ ඉහළ යාම හේතුවක් වී ඇති අතර මෙරට විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන මාර්ගය වන්නේද විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල්ය.
සංචාරක ඉපැයීම් මෙම වසරේ ජනවාරි මාසයේදී සියයට 5.6 කින් පහළ ගොස් ඇතත් සංචාරකයන් පැමිණීම සියයට 9.7 කින් වර්ධනය වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. මෙම වසරේ ජනවාරි මාසයේදී මෙරටට 277,327 ක සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට හේතුව තමයි විදෙස්වල පදිංචිවෙලා ඉන්න අපේ අය හා වෙදෙස් ජාතිකයන් බිස්නස් විසා අරන් මෙහෙ ව්‍යාපාර කරනවා. හැබැයි සංචාරකයෝ එවන ඩොලර් යන්නේ ඒ අයගේ රටවල ගිණුම් වලට. මේ රටේ වියදමට මෙහෙම්ම සල්ලි දෙනවා. එක ටිකක් සංකීර්ණ කතාවක්. මේවා වලක්වන්න සංචාරක සංවර්ධන අධිකාරියේ විමර්ශන ඒකකයක් පොලිස් නිලධාරීන්ගෙන් (විශ්‍රාමික හෝ) ආරම්භ කරන්න ඕනි. හැබැයි ඇතුලේ අයට ඕක කරන්න බැහැ හේතු කිහිපයක් හින්ද. Tentative Booking වලින් මේවා අල්ලගන්න පුළුවන්.
මේ ප්‍රශ්නෙට හේතුවක් අපි නිදහස් , ON arrival සංචාරක විස වැනි පහසුකම් දෙන්නේ, රුසියාව, චීනය, ඉන්දියාව, තායිලන්තය වැනි රටවලින් එන සංචාරකයාට, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් යහමින් මුදල් වියදම් කරන්නේ නැහැ.. සමහරු මෙම වීසා අරන් ඇවිත් මෙහේ පච්ච කෙටීම, කොන්ඩා කැපීම වැනි දේවල් කරලා කීයක් හෝ හොයාගෙන නැවත පිටරට යනවා, මධ්‍යම යුරෝපේ යහමින් මුදල් තිබෙන රටවලින් එන සංචරකයට අපි මේ පහසුකම් දෙන්නේ නැහැ. කලාපේ අනෙක් රටවල් වන තායිලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පුරුව, මාලදිවයින, වියට්නාමය මෙම පහසුකම් දෙන්නේ මුලින්ම සල්ලි තිබෙන සංචාරකයින් සිටින රටවලට... එමනිසා අපට 2018 සාපේක්ෂව 2025 වැඩි සංචාරකයෝ ප්‍රමාණයක් ආවත් ලැබෙන අදායම (ඩොලර් වලින් ගණනයකලවිට ) අඩුවෙලා , මෙම ප්‍රශ්නේ අදුනාගත් විජිත හේරත් මහත්මය 01.08.25 දින සිට බටහිර යුරෝපේ රටවලට ,නොමිලේ විස දෙන්න සැලසුම් කලත් නිලධාරීන් විසින් මෙය වලකනු ලැබුවා. නැවත මේ ගැන සිත බලන්න කාලය ඇවිත් , අපේ සංචාරක ව්‍යාපාරිකයින්ට වියට්නාමේ, තායිලන්තය, ඉන්දුනීසියාව සමග තරගයක් දෙන්න නම් අවශ්‍ය වටපිටාව සකසා දෙන එක රජයේ යුතුකමක්...
ලංකාවට ආනයනය කරන ගොඩනැගිලි ද්‍රවය , කර්මාන්ත සදහා අවශ්‍ය කරන රසායන ද්‍රව්‍ය වැනි දේවල් වලට, වාහන වලට ගහන අධික තීරු බදු නිසා , ලංකාවේ ප්‍රවාහන, ඉදිකිර්ම් සහ අහර වැනි දේවල් වල මිල වියට්නාමෙට , ඉන්දුනීසියාවට සහ තෛලන්තෙට වැඩිය දෙගුණයක් පමණ වැඩිය , අපි ජිවත් වන්නේ AI (කෘතීම භුධිය ) යුගයක , බොහෝ දෙනෙක් සංචාරයක් යෑමට යෑමට පෙර AI භාවිත කර විස්තර හොයල සන්සන්ධනය කරලා බලනවා , එතකොට අපි හැලෙනවා , ඉදිරියට මේ තීරු බදු අඩුකර රටේ ජිවන වියදම අඩු කරන එක සංචාරක වියපරේට පමණක් නොවේ රටේ මුළු මහත්ජනතාව ගේම සුභ සිධියට හේතු වෙනවා , එහෙම නොකර පරණ පාරේම ගියොත් ලබන චන්ද වලින් ආණ්ඩුව පරදිනවා
ක්‍රෙඩිට් කාර්ඩ් භාවිත කර මුදල් අයකරගන්නා ව්යාපරිකයන්ගෙන් බැංකුව 3% කොමිස් මුදලක් ගන්නව එම නිසා බොහෝ දෙනක් , මෙම ක්‍රෙඩිට් කාර්ඩ් භාවිත යන්ත කරන්නේ නැහැ , එහෙම වුනහම මෙම විදේශ මුදල් අපේ සංචිත වලට එකතු වෙන්නේ නැහැ , අදායම් බදු වලට එකතු වෙන්නෙත් නැහැ , කළු කඩෙන් මාරු වෙනවා , එමනිසා මෙම විදේශ ක්‍රෙඩිට් කාර්ඩ් භාවිත කරලා ගෙවීම් කරනකොට කොමිස් මුදලේ යම් අඩු කිරීමක් කරන ලෙස බැංකුවලට නීති පනවන එක හෝ කොමිස් මුදලේ යම්කිසි ප්‍රමානයක් දැරීම රජය විසින් කරනවා නම් හොඳ බව මගේ අදහසය , (1$ වියදම් කරලා 100$ අපේ විදෙස් සංචිත වලට ගන්න එක ආණ්ඩුවට ලාභ දායක බව මගේ හැඟීමය ,) ඔය කියන GOVPay හෝ QR වලට සංචාරකයෝ ලියාපදිංචි වෙලා නැහැ , මේ ක්‍රෙඩිට් කාර්ඩ් කොමිස් එක නිසා , සංචාරක අදායම් වලින් ලැබෙන විදේශ මුදල් වලින් 30% පමණ ආණ්ඩුවට අහිමි වෙන බව මගේ අදහසය , විදේශ රටවල 0,8-0,3 වැනි කොමිස් එකක් ක්‍රෙඩිට් කාර්ඩ් වලට ය ය කරන අතර ලංකාවේ 3% ඉතා අධික බව පෙනේ