
(ජේ. ඉඳුරුවගේ සහ චන්ද්‍රසිරි ගුණසේකර)
පිටිගල ,මැටිවිලිය ප්‍රදේශයේ මාර්ගයක තිබී බරපතළ කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් අද (14) අලුයම සොයා ගත් බව පිටිගල පොලීසිය කියයි.
කිසියම් අයකු හෝ පිරිසක් මෙම පුද්ගලයා ආයුධවලින් කපා කොටා ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය පැවසීය.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මැටිවිලිය සුභගම පාරේ පදිංචිව සිටි ළමා හේවගේ චමින්ද කුමාර (34 ) නමැති අවිවාහක අයකු බව පොලීසිය කියයි.
ඔහු මැටිවිලිය ප්‍රදේශයේ මළ ගෙදරක සිට ආපසු නිවෙසට යමින් සිටියදී ඝාතනයට ලක්වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලීසිය කියයි.
මේ පිලිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත අතර පිටිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd