
(විමුක්ති එස් රුද්‍රිගු)
ආරුගම්බේ ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරු සංචාරය කිරීමෙන් වළකින ලෙස පවසමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යයාලය ඇමෙරිකා ජාතිකයන්ට පසුගිය 23 වැනිදා කළ අනතුරු ඇඟවීම අද(13) ඉවත් කළ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම අනතුරු ඇඟවීම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයද මීට පෙර ඇමෙරිකා තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබිණි.
ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක ස්ථානවලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තිබෙන බවට විශ්වාසදායි තොරතුරු ලැබී තිබෙන බැවින් නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස පවසමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය පසුගියදා 23 වැනිදා අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
ඇමෙරිකා තානාපති කාර්යාලයේ අනතුරු ඇඟවීම උපුටා ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට දැඩිව සැලකිලිමත් වන ලෙස එක්සත් රාජධානිය, නවසීලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, චීනය සහ රුසියාවද එම අවස්ථාවේදී සිය පුරවැසියන්ට අනතුරු ඇඟවූවේය.
එම ආරක්ෂක නිවේදනය උපුටා ගනිමින් ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලයද මෙරට අරුගම්බේ ප්‍රදේශය, දකුණු සහ බටහිර පළාතේ වෙරළ තීරයන්හි සිටින ඊශ්‍රායල ජාතිකයන්ට එම ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස නිවේදනයක් නිකුත් කළේය. එසේම ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවල සිටින ඊශ්‍රායල ජාතිකයන්ට දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙසත් ජනතාව එක්රැස්වන ස්ථාන මගහැර සිටින ලෙසත් ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය උපදෙස් ලබා දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
602
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
514
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
430
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකාව ආරුගම්බේ තහනම ඉවත් කරයි
saman Thursday, 14 November 2024 07:27 AM
අනුර දිසානායක ජනපතිවුපසු ආරුගම්බේ ප්‍රදේශය ඇමෙරිකානු පාලනයට, නැවත දැනුම්දෙන තුරු සංචාරය කිරීමෙන් වළකින ලෙස පවසමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යයාලය නිකුත්කර තිබු නිවේදනය ඉවත්කර ගනී.