IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපන්න හදයි

ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති එම ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් අතරේය.

සෙනෙට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය සතුවය. බයිඩන් ප්‍රමුඛ රජය අණ පනත් සම්මත කර ගැනීමේ දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන්වරුන්ගෙන් ඊට බාධා එල්ල වෙයි.

කතානායක කෙවින් මැකාති රිපබ්ලිකන් ප්‍රබලයෙකි. ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇත්තේ කැරැලිකාර රිපබ්ලිකන්වරුන් කණ්ඩායමකි. එම කැරැලිකාර රිපබ්ලිකන් කණ්ඩායම, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හිතවාදීන් යැයි ද පැවැසෙයි. රිපබ්ලිකන් ප්‍රබලයකු වන ට්‍රම්ප්, 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන ප්‍රබලතම රිපබ්ලිකන් අපේක්ෂකයාය.

ඇමෙරිකන් රජයේ කටයුතු කරගෙන යෑමට අවශ්‍ය අරමුදල් වෙන් කර ගැනීමට නොහැකි වීමෙන් පසුගිය සති අන්තය වනවිට රජය අකර්මණ්‍ය වීමේ අවදානමක් මතු විය. කෙසේ නමුත් රිපබ්ලිකන්වරුන් සමඟ තාවකාලික එකඟත්වයක් ඇති කර ගැනීමට ජනපති බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරු සමත් වූහ.

කැරැලිකාර කණ්ඩායම පවසා ඇත්තේ කෙවින් මැකාති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය. ඇමෙරිකන් දේශපාලන ඉතිහාසයේ කිසිදු කතානායකවරයකු කිසිදු යෝජනාවකින් ඉවත් කර නොමැති බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇමෙරිකන් ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරයාට යම් අනතුරක් වුවහොත් හෝ ඔහු ධුරයෙන් ඉවත් කළොත් හෝ ඉවත් වීමට සිදුවුවහොත් හෝ ජනාධිපති ධුරය හිමිවන දෙවැනි උප ජනාධිපතිවරයාය. උප ජනාධිපතිවරයාට පසුව සිටින්නේ ඇමෙරිකන් කතානායකවරයාය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපන්න හදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1257 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1213 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 443 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site