IMG-LOGO

ඇමති වාහන දෙකකට සීමා කරයි

(අංජුල මහික වීරරත්න)

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරුන්ටද හිමිවන්නේ කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප්‍රසාද පමණක් වන බැවින් අදාල චක්‍රලේඛයට අනුකූලව හිටපු ජනාධිපතිවරුන්ටද රජයේ වාහන දෙකක් පමණක් තබාගෙන ඉතිරි ඒවා නැවත බාරදීමට සිදුවනු ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

ජාතික ජන බලවේග රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසූයේ තම රජයේ අමාත්‍යවරුන් චක්‍රලේඛ තිබුණත් නැතත් රජයේ වාහන අවභාවිතයක් නොකරන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයෙක් පැවසූයේ ඉදිරි සතිය ඇතුලතදී මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරන රජයේ වාහන අදාල චක්‍රලේඛයට ගරු කරමින් යළි බාර දීමට කටයුතු කෙරෙනු ඇති බවයි.

 



අදහස් (4)

ඇමති වාහන දෙකකට සීමා කරයි

Perera Wednesday, 23 April 2025 06:22 AM

නවසීලන්තයේ අමාත්‍යවරයෙකුට කෙනෙකුට ලැබෙන්නේ එක සාමාන්‍ය වාහනයක් පමණයි. රියදුරුන් ලැබෙන්නේ නැහැ, මන්ත්‍රීලාට කිසිම වාහනයක් ලැබෙන්නේ නැහැ.

:       0       15

ගුණරත්න Wednesday, 23 April 2025 08:30 AM

මට මේ මාතෘකාව අප්‍රසන්න්නයි, දැන් ආණ්ඩුව පත්වෙලා මාස 6ක් පැනල, එත් මුන් තාම වාහන බෙදාගන්න චක්‍රලේඛ ගහනවා, රටේ ප්‍රශ්න ඇත්තෙම නැත්ද_

:       18       6

Rata PerataWednesday, 23 April 2025 11:42 AM

අවුරුදු 76ක් තිස්සේ වුණු වැඩ මාස 06න් ඉවර කරන්න බෑ කියලාවත් තේරෙන්නේ නැති නූගතෙක් මේ ගුණරත්න. දැන් හරි මොකක්හරි අධ්‍යාපනයක් ගන්න බලන්න. පරක්කු වෙලා හරි කරන්නේ හොඳ දෙයක් නේ. ඉස්සර දේශපාලකයෝ කොහොමද වාහන පාවිච්චි කළේ...?

:       1       11

අරවින්ද මොණරවිල Wednesday, 23 April 2025 04:37 PM

චක්‍රලේඛ හා ගැසට් ගහලා අණ පනත් පනවලා ඇහැට ඇඟිල්ලෙන් අනිනතුරු බලාගෙන ඉන්නේ නැතුව දශමයක හරි සදාචාරයක් තියෙන මනුස්සයෙක් නම් ඕවා කලින්ම ගෙනත් බාර දෙනවා. ඒවා කොහේද රට කන්නම හැදිච්චි පවුලක්නේ, එවුන්ට හරියන හරක් ටිකකුත් තවම ඉන්නවා හයියෙන් තප්පුලන...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 755 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site