IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඇමති දුම්රිය ගැටළු විසඳන්න වසරක් ඉල්ලයි

(ඩයනා උදයංගනී)

දුම්රිය ගැටලු විසඳීම සඳහා තමන්ට වසරක කාලයක් ලබාදෙන්නැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම හා මාර්ග නඩත්තුවට සේවකයන් හිඟවීම නිසා දුම්රිය පීලි පැනීම වැනි ගැටලු මතුවන බව කී ඇමතිවරයා මාර්ග යළි සැකසීමත්, හැකි මාර්ග විදුලි දුම්රිය බවට පරිවර්තනය කිරීමටත් වසරක කාලයක් තුළ උත්සාහ කරන බව ද සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද(24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

පීලි 10,000ක් මිලදී ගැනීමටත්, මේ වන විට බහුකාර්ය සේවකයන් ලෙස බඳවාගෙන සිටින අයෙගෙන් 3000ක් ලබන මාසයේ දී දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරගැනීමටත් කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා පැවසීය.

අවිස්සාවේල්ල සිට කොළඹ දක්වා දුම්රිය මාර්ගය විදුලි දුම්රිය මාර්ගයක් බවට පරිවර්තනය කිරීමට සහය දෙන ලෙස තමන් ඉන්දීය විදේශ ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද ගුණවර්ධන මහතා කීවේය.

 



අදහස් (11)

ඇමති දුම්රිය ගැටළු විසඳන්න වසරක් ඉල්ලයි

sena Tuesday, 24 January 2023 06:48 PM

මෙයාට අවුරුද්දක් නෙවෙයි අවුරුදු 10 ක් දුන්නත් ඕක කරන්න බැහැ. නිකම් අපේ සල්ලි කනවා.

:       1       15

Sunila desilva Tuesday, 24 January 2023 07:43 PM

ඉල්ලලා අස් වෙන්න පුළුවන් කෙනෙකුට දිලා.

:       1       15

Sunil Tuesday, 24 January 2023 08:29 PM

එපමණ කාලයක් තනතුරේ ඉන්න ලැබෙයිද?

:       1       16

pakeer Tuesday, 24 January 2023 08:44 PM

අවිස්සාවේල කරන්න ඉස්සෙල්ලා ප්‍රධාන මාර්ග කරලා හිටු. වර පෙන්නන්න උදේට හවසට යන විදිය.

:       0       14

wiki Tuesday, 24 January 2023 09:21 PM

ඔක වසරකින් කරන්න පුලුවන් වැඩක් නෙවි මහත්තයො. අපිට 2500 මාසයක් ජිවත් වෙන්න කිව්ව වගෙවැඩක් තමයි.

:       0       13

Perera Wednesday, 25 January 2023 04:48 AM

මේ මගෝඩිස්ට මොනවද විසඳන්න පුළුවන් රටේ ප්‍රශ්න?

:       0       6

swene Wednesday, 25 January 2023 06:17 AM

පරණ ටියුෂන් කාරයෙක් නිසා මොනවා හරි කතා කරන්න ඔයා හරි දක්ෂයි.

:       0       6

LGPJ Wednesday, 25 January 2023 07:05 AM

They are ready to remove railway tracks also !!!!!

:       0       6

sharm warn Wednesday, 25 January 2023 11:07 AM

සුදු ලූනු හොරා.දැන් රේල් පීලි වලින් කන්න ද හදන්නේ ?දීපල්ලකෝ මුන්ට තව අවුරුද්දක් හොරා කන්න .ලජ්ජා නැති සක්කිලි

:       0       1

Lalla Wednesday, 25 January 2023 11:17 AM

සොරි සර්... උඹට එච්චර කල් නෑ. ඉතාම සරල තීරණයකින් එලියට විසි වෙනව නිසැකයි........

:       0       1

fairoos Wednesday, 25 January 2023 01:49 PM

දීපු අවුරුදු 2 කින් මොකුත් කරගන්න බැරිවුණාද? ඔක්කොම ටික නන්දසේන ගහගෙන ගියානේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1762 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1447 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site