
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක තරමක තද වැසි ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd