IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇත්තු ඝාතන නඩු හතක් විභාග වේ

(උපාලි ආනන්ද)

වෙඩි තබා සහ විදුලිය සැර වද්දවා දළ ඇතුන් මරා දැමිමේ සිද්ධීන්වලට අදාළව කැකරාව,මහව, කැබිතිගොල්ලෑව සහ හිඟුරක්ගොඩ අධිකරණවල නඩු හතක් විභාග වෙමින් පවති.

කැකිරාව  මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පමණක් දැනට නඩු හතරක් විභාග වෙමින් පවතී.

ඊට අමතරව තවත් දළ ඇතෙකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියකට අදාළ තවත් නඩුවක් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විභාග වෙයි.

කැබිතිගොල්ලෑව සහ මහව මහේස්ත්‍රාත් අධිකරණ දෙකෙහි ද දළ ඇතුන් වෙඩි තබා මරා දැමීමේ සිද්ධීන්වලට අදාළ තවත් නඩු දෙකක් විභාග වෙමින් පවතී.

ඒ අනුව දැනට කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය විභාග වෙමින් පවතින්නේ බරණ සහ රේවත සහ දීග දන්තු එක සහ සුමේධ යන නම් වලින් හඳුන්වන දළ ඇතුන් ඝාතනය කිරීමේ අපරාධ වලට අදාළ නඩු හතරකි.

ඊට අමතරව හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින්නේ යුනිකෝන් නමින් හඳුන්වන දළ ඇතාට වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට අදාළ නඩුවකි.

කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින්නේ මහේශාඛ්‍ය නමින් හඳුන්වන දළ ඇතාට වෙඩි තබා  බිම දමා   පණ පිටින්ම පොරවකින් එක් දළක් කපා රැගෙන යාමෙන් පසුව එම ඇතා මිය යාමේ  සිද්ධියට අදළ නඩුවයි.

මේ අතර ආසන්නම සිද්ධිය වු භාතිය නමින් හඳුන්වන ඇතාට වෙඩි තැමීම නිසා මාස දෙකක පමණ කාලයක් ප්‍රතිකාර ලබා පසුව මිය යාමේ සිද්ධියට අදාළ නඩුව මහව අධිකරණයේ  විභාග වෙමින් පවති.

 



අදහස් (0)

ඇත්තු ඝාතන නඩු හතක් විභාග වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 79 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site