(අංජුල මහික වීරරත්න)
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (13) පැවති සාකච්ඡාවට එක්වෙමිනි.
ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික මටිටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් තිබෙන දත්තවල විශාල වෙනස්කම් දක්නට ඇති බවත්, ඒවා කඩිනමින් නිවැරදි කරගත යුතු බවත් අවධාරණය කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ආහාර සුරක්ෂිතතා නීති අලුත් වෙයි
ravindra Tuesday, 13 December 2022 11:43 PM
අනේ මේ මොනාද මේ කියන්නේ.
AB Wednesday, 14 December 2022 01:26 AM
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒමේදී විශේෂයෙන් ගර්බනි මවුවරුන්ගේ පෝෂණ අවශ්‍ය තත්වයන් සිට පාසල් දරුවන්ට සහ වැඩිහිටියන් දක්වා සියලු දෙනා ඇතුලත් DATA Database system ඇතුලත් කලයුතුවේ. ලංකාවේ දිගු දේශගුණික / කාලගුණික විපර්යසන් නොමැති නිසා රට තුල අදීක්ෂණයකන් සමග මනා කළමනාකරණයෙන් ආහාර සුරක්ෂිතතාව වැඩසටහනක් ක්‍රියාත්මක කලහැකිය. ගොවින් සහ ගොවි සංවිධාන, පොහොර, කෘෂි රසායන Suppliers සියලු දෙනා ඇතුලත්ව සැලසුමක් සහිත කෘෂි නිෂ්පාදනයක් රට තුල ක්‍රියත්මක කිරීම තුලින් වසර පුරාම ආහාර සුරක්ෂිතතාව පවත්වගේන යාමට සැලසුම් කලයුතුවේ. අතිරික්තය අතුරු නිෂ්පාදන සදහා යොදාගැනීමට හැකිවේ. ලංකාවේ එක් එක් ප්‍රදේශයන්හි වගල්කල හැකි බෝග හදුනාගෙන ඒ සදහා සැලසුම් සකස් කලයුතුවේ.
Sunil Wednesday, 14 December 2022 08:02 AM
කුමන නීති දැම්මත් රටේ ජනතාවගෙන් අඩක්ම කුසගින්නේ.