IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


‘‘ආහාර ටොන් කෝටි 130ක් වසරක අපතේ යවනවා‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝකයේ ජනතාව ආහාර ටොන් කෝටි 130 ක් වසරකට අපතේ යවන බවත් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විමලේන්ද්‍ර ෂරන් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ජනතාව ගෝලීයව අපතේ යවන ආහාර ටොන් 130 න් වසරකට කෝටි 300 ක ජනතාවගේ බඩගින්න නැති කිරීමට හැකි බව ෂරන් මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකාවද ආහාර අපතේ යාමේ අභියෝගයට මුහුණදී සිටින බවත් අවසන් වරට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ආහාර නාස්තිය පිළිබඳව සිදුකළ සමීක්ෂණයේදී ශ්‍රී ලංකාව දිනකට ආහාර අපද්‍රව්‍ය ටොන් 3963ක් ජනනය වන බව අනාවරණය වී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව වසරකට ජනනය වන ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් ලක්ෂ 14.4 ක් බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙරට නාගරික අපද්‍රව්‍ය වලින් සියයට 50ත් 76ත් අතර ප්‍රමාණයක් තිබෙන්නේ ආහාර අපද්‍රව්‍ය බවත් ඔහු පැවැසුවේය. ඉන් සියයට 38 ක් ගෘහස්ථ ආහාර අප ද්‍රව්‍ය බවත් තවත් සියයට 24 ක් අවන්හල්වලින් ජනනය වන බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම තවත් සියයට 16ක් වෙළෙඳපොළවලින් සහ සියයට 12ක් මස්කඩ වලින් ජනනය කරන බවද ඔහු පැවැසුවේය.

වැඩිම ආහාර නාස්තියක් සිදුවන්නේ බස්නාහිර පළාතෙන් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 60 ක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම පුද්ගලයකු ආහාර කිලෝ ග්‍රෑම් 76 ක් අපතේ හරින බව ඔහු පැවැසුවේය. 2023 වසර පුරාවට එකතු කළ දත්ත වලින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ශ්‍රී ලංකාවේ ආහාර අපතේ යාම පිළිබඳව මෙම සමීක්ෂණය සිදුකළ බවද ඔහු ප්‍රකාශ කළේය.

ලෝකයේ ජනතාව 2030 වසර වනවිට කෝටි 850 කට ආසන්න වනු ඇතැයි ද ඔහු පැවැසිය.

අනිද්දා(29) යෙදී තිබෙන ආහාර නාස්තිය අවම කිරීමේ ජාත්‍යන්තර දිනය පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විමලේන්ද්‍ර ෂරන් මහතා මෙම අදහස් පැවැසුවේය.

 



අදහස් (0)

‘‘ආහාර ටොන් කෝටි 130ක් වසරක අපතේ යවනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1755 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1444 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site