
(අංජුල මහික වීරරත්න)
දකුණු ආසියානු ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උළෙලට එක්වෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් පොළොන්නරුව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරේ සේවය කරන දර්ශනී චන්ද්‍රරත්න ක්‍රීඩිකාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සුබ පැතුම් පළ කළේය.
ජනවාරි 9 දින සිට 12 දින දක්වා ඉන්දියාවේ බැංගලෝර් නුවර දී මෙම ක්‍රීඩා උළෙල පැවැත්විණි.
මැදිරිගිරිය, වැලිගම්පුර, මහ අඹගස්වැව නම් දුෂ්කර ප්‍රදේශයක පදිංචිව මලල ක්‍රීඩාවෙන් ජාතික හා අන්තර්ජාතික දක්ෂතා දක්වන දර්ශනී චන්ද්‍රරත්න ක්‍රීඩිකාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු වූ අතර, එහි දී අමාත්‍යවරයා ඇය පසුගිය කාලය පුරා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්වන ලද දක්ෂතා අගයමින් සුබපැතුම් එක් කිරීමට කටයුතු කළේය.
COMMENTS
වෙන කවුරු හරි කලානම් බලන්න තිබ්බා කට්ටිය කියන කතා. දේවාලේ කපුවගේ පුතාගේ කියමන මතක් වුණා.
ඔලුව උදුම්මගෙන ජනතා අප්‍රසාදයට පත්වෙලා ඉන්න මේ ජෙප්පාගේ ජනප්‍රියත්වට පොඩි තල්ලුවක් දෙන්න මේ අප්‍රසන්න ජෙප්පාව දාලා maadhya සන්දර්ශන දාලා
ඇයගේ ජයග්‍රහණයට මගේ හදපිරි සුභ පැතුම් !!
සුබ පැතුම්...!