(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ යානිකා අමරසේකර, නිකින් මාතරආරච්චි සහ චරිත් එන් සිල්වාට ෆෝබ්ස් සඟරාවේ 2025 ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු විශිෂ්ඨයන් 30 අතරට ඒමට පසුගියදා හැකියාව ලැබුණේය.
කාණ්ඩ කීපයක් යටතේ ෆෝබ්ස් සඟරාව ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු විශිෂ්ඨයන් 30 දෙනා තෝරාගනු ලබන අතර 29 හැවිරිදි යානිකා අමරසේකර රිටේල් ඇන්ඩ් ඊකොමස් කාණ්ඩයෙන් විශිෂ්ඨයන් 30 දෙනා අතරට තේරී ඇත. එසේම 29 හැවිරිදි චරිත් එන් සිල්වා ආර්ට්ස් කාණ්ඩයෙන් සහ 25 හැවිරිදි නිකින් මාතරආරච්චි සමාජ මාධ්‍ය, අලෙවිකරණය හා දැන්වීම් ප්‍රචාරණය කාණ්ඩයෙන් ෆෝබ්ස් සඟරාවේ විශිෂ්ඨයන් 30 දෙනා අතරට තේරී පත්විණ.
යානිකා අමරසේකර මෙරට සිල්වර් අයිල් වෙබ් අඩවියේ නිර්මාතෘවරිය වේ. තෑගි ලබාදීමේ සංකල්පය අලුත් කරමින් 2019 වසරේදී හඳුන්වා දුන් සිල්වර් අයිල් වෙබ් අඩවිය විවාහ ගිවිසගත් යුවලකට ජීවිතය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය දේශීය සහ විදේශීය සියලුම දේවල් තෝරා ගැනීමට අවස්ථාවක් ලබාදුන්නේය. එහිදී විවාහ යුවළට සුබ පතන්නන්ට යුවලට අවශ්‍යදේ තෑගී ලෙස ලබාදීමට අවස්ථාවක්ද හිමි වූවේය.
චරිත් එන් සිල්වා මෙරට සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රසිද්ධියක් උසුලන වයිල්ඩ් කුක්බුක් නාලිකාවේ නිර්මාතෘවරයාය. වයිල්ඩ් කුක්බුක් යූ ටියුබ් නාලිකාවට මේ වනවිට පරිශීලකයන් ලක්ෂ 100 ක් සිටින අතර ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පරිශීලකයන් ලක්ෂ 23 කට වඩා සිටි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඔහු වයිල්ඩිෂ් නමුන් අවන්හලක්ද වීවෘත කරනු ලැබුවේය.
නිකින් මාතරආරච්චි ශ්‍රී ලංකාව පදනම් කරගත් සිනැප්ස් ඒඅයි ලැබ්ස් සමාගමේ නිර්මාතෘවරයා වන අතර 2021 එම සමාගම ආරම්භ කරනු ලැබුවේය.
ෆෝබ්ස් සඟරාවේ ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු විශිෂ්ඨයන් 30 දෙනා කාණ්ඩ 10 ක් යටතේ තෝරා ගන්නා අතර එක් කාණ්ඩයකට විශිෂ්ඨයන් 30 දෙනකු සිටී. ෆෝබ්ස් සඟරාවේ ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු විශිෂ්ඨයන් 30 දෙනා වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන අතර මෙවර එම ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත්කරනු 10 වැනි වතාවටය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ආසියාවේ විශිෂ්ඨයන් අතර අපේ තුනක්
Senarath Friday, 16 May 2025 08:49 AM
ඔබලාට අපේ උණුසුම් සුභපැතුම්