(ගයාන් සූරියආරච්චි)
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැනුම හුවමාරු කර ගැනීමේ ද්විපාර්ශවික සාකච්ඡා ඉකුත්දා පැවැත්විණ.
ඒ රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිළිබඳ 12 වැනි ජාත්‍යන්තර සමුළුව රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී ඉකුත් දා පැවැති අවස්ථාවේදීය.
ත්‍රස්ත මර්දන, සයිබර් හා අන්තර්ජාල ආරක්‍ෂාව මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව ඇතුළු පුළුල් පරාසයක මාතෘකා බොහොමයක් මෙම සාකච්ඡාවට ඇතුළත් විය.
තවද රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සහ ආරක්‍ෂක ක්‍රියාවලිය තුළ දෙරටේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා නව මංපෙත් පිළිබඳ සොයා බලන බවද දෙපාර්ශවය විසින්ම ප්‍රකාශ කරනු ලැබූහ.
එම සමුළුවට ලොව පුරා රටවල් නියෝජනය කරන ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් විශාල පිරිසක් එකව සිටියහ.
2025 දෙසැම්බර් මස 04
747
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
567
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්