IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ආබාධිත ප්‍රජාවට ඡන්දවලදී කෝටාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආබාධිත ප්‍රජාවට බලපාන ප්‍රධාන ගැටලු පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ආබාධිත සහිත කණ්ඩායම්වල නියෝජිතයන් සමඟ සාකච්ඡා කළේය.

මෙම සංසදය  පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස්විය.

සංසදය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝජිතයො තම ගැටලු පිළිබඳ මෙසේ සංසදය දැනුවත් කළහ.

මෙම ඉදිරිපත් වන සියලු යොජනා සහ අදහස් ඉතා ගෞරවයෙන් පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් කමිටුවට ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සංසදයේ සභාපතිවරයා පැවසීය.

මෙහිදී පැමිණි නියෝජිතයන් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සියලු මැතිවරණවලදී නිශ්චිත කෝටාවක් වෙන්කරන ලෙස සංසදයට යෝජනා කරන ලදි. එසේම ආබාධිත ප්‍රජාව වෙනුවෙන් අවශ්‍ය සියලු දත්ත ඇතුළත් කරන ලද වෙබ් පිටුවක් සකස් කරන ලෙස සංසදයට යෝජනා කර ඇත.

මෙම වෙබ්අඩවියට ජංගම දුරකථන හරහාද පිවිසීමට හැකි ආකාරයෙන් සකස් කරන ලෙසටද  යෝජනා කළේය.

තවද බ්‍රේල් මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් වැඩි කිරීම සම්බන්ධයෙන් ද සංසදයේ අවධානය යොමුවිය. එසේම ආබාධිත ප්‍රජාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් නවවැනි පාර්ලිමේන්තුවට කරන ලද යෝජනාව සම්බන්ධයෙන් අවධානය යොමු කර එහි ඉදිරි කටයුතු සිදු කරන ලෙසද ඉල්ලා සිටියේය.

මීට අමතරව ශ්‍රවනාබාධිත ප්‍රජාවගේ අධ්‍යාපන කටයුතු සඳහා බාධාවක්ව පවතින ගුරු හිඟය සම්බන්ධයෙන්ද සංසදය දැනුවත් කළ අතර ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා නිර්මාණය කිරීම සම්බන්ධයෙන්ද යෝජනා ඉදිරිපත් විය.

මෙම පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට  නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, චන්දිම හෙට්ටිආරච්චි සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්වරුද සහභාගී වූහ.



අදහස් (0)

ආබාධිත ප්‍රජාවට ඡන්දවලදී කෝටාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24770 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18142 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10859 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 577 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 833 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site