IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ආප්පයක් - වඩයක් 10 යි, තේ එකක් පහයි

(පියදාසසමරවීර)

තේ එකක් රුපියල් පහයි, ආප්පයක් රුපියල් දහයයි, වඩේ එකක් රුපියල් දහයයි,සල්ලි නැත්නම් පස්සේ දිය හැකි අපූරු තේ කඩයක ගැන පදවිය මූලික රෝහල අසලින් අපට හමු විය.

පදවිය  මූලික රෝහලේ සායනවලට  පැමිණෙන රෝගීන් අති බහුතරයකගේ ආදරය දිනා ගෙන අදටත් පවත්වාගෙන යන මෙම තේ කඩය "ශාන්ත" ගේ තේ කඩේ ලෙස හදුන්වති. 

වසර 25 ට අධික කාලයක සිට  ගාමිණී සරත් කුමාර හෙවත්  ශාන්ත  නමැති දෙදරු පියෙක්  පවත්වාගෙන යයි.

ඉතා සැහැල්ලු ජීවිතයක් ගතකරන ශාන්ත ඔහුගේ තේ කඩයේ ආහාර ද්‍රව්‍ය වල මිල අඩුවීමටත් වඩා ඔහුගේ කාරුණික හැසිරීම නිසාත් බොහෝ පිරිස්  මේ කුඩා තේ කඩයට ගොඩ වෙති.

අලුයම  හතරට විවෘත වන මෙම තේ කඩය පෙරවරු 10ට වසා දමන්නේ කඩේ සියලු ආහාර ඉවර වීමෙන් පසුවය. අතරේ වසා දමයි.ඒ සියලු ආහාර විකිණීමෙන් පසුය.

"පරිප්පු, උලුදු වඩේ රුපියල්10 යි.පැටිස් රෝල්ස් එකක් රුපියල් 30 යි. පිටින් ගේන ආප්පයක් රුපියල්10 යි. ඉඳිආප්ප 10ක් පොල් සම්බෝල සමග රුපියල්40 යි. ලැවරිය එකක් රුපියල් 20 යි. පෑන් කේක් රුපියල්15 යි. ආදි මිල ගනන් යටතේ විකුනන බව එහි හිමිකරු වන ගාමිණී සරත් කුමාර මහතා පැවැසීය.

දිනකට සමාන්‍ය පැටිස් රෝල්ස් 150 ක්, ආප්ප 250 - 350 ක්, ඉඳිආප්ප 200- 300 ක්,  පමාණය දිනකට අලෙවි වනවා.  

ලාබෙට කෑම විකුණලා  ලැබුණ සුලූ මුදලින් අපි ජීවත්වෙනා ලොකු ලොකු බලාපොරොත්තු නෑ. සැහැල්ලු ජීවිතයක් ගතකරනවා.



අදහස් (17)

ආප්පයක් - වඩයක් 10 යි, තේ එකක් පහයි

Senarath Thursday, 27 January 2022 04:01 PM

බෝසත් වෙළෙන්දෙක්..! තවතවත් වෙළඳාම වැඩිදියුණු වේවා..!

:       0       33

fairoos Thursday, 27 January 2022 04:12 PM

මේ කඩෙත් ආණ්ඩුව වගේම තමයි.

:       29       2

JudeTuesday, 01 February 2022 09:51 AM

ඔව්. ඔයාලගෙ අර ලැට් එකේ තියන් පිටි අනන නානගෙ කොත්තු කඩේ තමයි සුපිරිම නේ. PHI ගියාම කට්ටියම වට කරගෙන ගහන්නේ. ඒව විපක්ශෙ වගේද?

:       0       0

JanakTuesday, 01 February 2022 09:53 AM

අන්න ඒකයි. කඩයක් උනාම වංචා කරලා, පාරිභෝගිකයව අන්දලා හූරන් කන ඔයාලගෙ ජාතියේ අයගෙ ක්‍රමේට තියෙන්න එපැයි නේ. එහෙම නැති වුනාම දුකයි නේ. නෙදකින්.

:       0       0

මිනිස්සු Thursday, 27 January 2022 04:17 PM

මෙන්න නියම මිනිස්සු...

:       0       24

Jay Thursday, 27 January 2022 05:14 PM

අපි කවදාහරි මැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙන මිනිස්සු...!

:       0       27

Ruwan R Thursday, 27 January 2022 05:52 PM

පින්සිදු වෙනවා ඔබතුමාට...

:       0       18

Faizer Thursday, 27 January 2022 06:36 PM

ජය වේවා..! පින් සිද්ද වේවා...!!!

:       0       16

uk ran Thursday, 27 January 2022 08:07 PM

සද්ක්‍රියාවක් කරන රටේ යහපත් පුරවැසියෙක්... මේ අවස්ථාවේදී ව්‍යාපාරිකයින්ට හොඳ ආදර්ශයක්...

:       0       15

Pradeep Kumara Thursday, 27 January 2022 09:59 PM

තෙරුවන් සරණයි ශාන්ත මහත්තයෝ. මොනවා හෝ ජරාවක් කන්නට දී මුදල් පමණක් බලාපොරොත්තු වන ව්‍යාපාරිකයන් අතර ඔබ විශිෂ්ඨයෙක්. මිලමුදලින් ඔබ දුප්පතෙකු වුවත් ගති පැවතුම් සහ අදහස්වලින් ඔබ ඉතා පොහොසතෙක්. විරල ගණයේ පුද්ගලයෙක්...

:       0       11

Raju Thursday, 27 January 2022 10:34 PM

විශිෂ්ඨයි..!

:       0       9

නිමල් Thursday, 27 January 2022 11:15 PM

පොළව යටයන වැඩකරන මිනිසුන් ඉන්න කාලේ පොළවෙන් ඉහළ යන දේ කරන මහත්මයෙක්... මේ සාධාරණ ව්‍යාපාරය, අල්පේච්ඡ ජීවන රටාව සැමට ආදර්ශයක් වේවා..!!! 

:       0       7

Kumar (Gulf) Friday, 28 January 2022 12:41 AM

මේ පුද්ගලයාටත්, ඔහුගේ පවුලට සහ ව්‍යාපාරයටත් ජේසු පිහිටයි..! 

:       8       12

nimal Friday, 28 January 2022 03:26 AM

ලංකාවේ සෑම නගරයකම ප්‍රමිතියෙන් යුතු ශ්‍රී ලාංකීය තත්වයෙන් උසස් ආහාර සහිත ආපනශාලා (quality Fast food restaurant) ජාලයක් ඇරම්භ කිරීමට හොඳම අවස්ථාවක් උදාවී ඇත. මේ සඳහා ජෝ හෝ ප්‍රධාන තේ සමාගමක් මූලිකත්වය ගතහොත් ව්‍යාපාර පුහුණුවක් ලබාදුනහොත් තරුණ පිරිස ඉදිරිපත්වනු ඇත.

:       16       1

Mahesh Friday, 28 January 2022 06:53 AM

දැන් ඉතිං හැමදෙනාම ඔතනට යන්න එපා... සල්ලි පස්සේ දීලා කන්න.

:       8       7

දිමුත් Friday, 28 January 2022 09:58 AM

තව තවත් සාර්ථක වේවා!

:       0       7

jayasekara Saturday, 29 January 2022 09:58 AM

කොරෝනා පිටින් දාලා.. නිකරුණේ මිල වැඩිකරන, බඩු තොග හංගගෙන වැඩි මිලට විකුණන තුප්පහි වෙළෙන්දන්ට හොඳ ආදර්ශයක්. නිරෝගි සුවය ලැබේවා. දිනෙන් දින ඔබතුමාගේ ව්‍යාපාර දියුණු වේවා..! තෙරුවන් සරණයි.. ! මුළු පවුලටම... හැදූ වැඩූ දෙමව්පියන්ට පින්...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site