
(යොහාන් භාසුර)
ආපනශාලා ආහාර මිල අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය.
ප්ලේන්ටියක මිල රුපියල් 5 කින්, කිරි තේ එකක මිල රුපියල් 10 කින්, ෆ්‍රයිඩ් රයිස් සස කොත්තුවක මිල රුපියල් 30 කින් සහ ෂෝටීස් වර්ගවල මිල රුපියල් 10 කින් ඉහළ දමන බව ද එම සංගමය කියයි.
ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම මෙසේ ආහාර මිල ඉහළ දැමීමට හේතුව බව ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
COMMENTS
ඊයේ පාන් පිටි හදන ලොකුම කොම්පැනි දෙකම රුපියල් 10 කින් මිල අඩු කළා, අද පිටි භාවිතා කරලා කෑම හදන සමාගම් මිල වැඩි කළා, මොකක්ද මේකේ ලොජික් එක? ආණ්ඩුව කරන්නේ බේකරිකාරයෝද? උදේ ආණ්ඩුවේ ප්රවෘත්තිවල ගියේ නම් පාන් රුපියල් 10කින් අඩු වුණා කියලා, මේ ආණ්ඩුවත් කලින් ආණ්ඩුවලට නොදෙවෙනි මාෆියාකරුවන්ගේ ආණ්ඩුවක් කියල ආයෙත් ඔප්පු වුණා.
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.
ඇයි මේ ගොල්ලන්ට ලයිට් බිල, පිටි මිල එහෙම අඩුවෙලා නැද්ද?
මේ අර තමන්ටම කියල ආපනශාලාවක් වත් නැතුව මයික් ඉස්සරහ සද්දේ දාන එක්කෙනාගෙ සංගමේද?
පිටි මිල 10 අඩුයි... ඔය කියන කෑමවල කැරට් කොච්චර තියෙනවද.. ෂෝටීස් වල ඇතුළෙ අඩු ගානෙ අර්තාපල් අල කෑල්ලක් තියෙනවද . මුන් තනිකරම ජනතාව ගසා කනවා. ප්ලේන්ටි මිල වැඩි වෙන්නේ කොහොමද.. සීනි 225 යි දැන් . ඔහොම හම්බ කරන සල්ලි වලට හෙන ගහනවා.. ඉදිරියට එන්නේ අකුණු ගහන මාසේ.
ඕක අර අසේල කියන එකාගේ සංගමය නේ. දැං ඔකට පඹයෙක් දාලා මූ පාරිභෝගියන්ගේ සංගමය කියලා. එකක් හදාගෙන ඡන්දෙ ඉල්ලන්න. ඔය දෙකේම 10ක් සෙනග නෑ. මිල ඉහළ දැම්මා කියලා ඔන්න ඔකා වැලලනේන ගනී හෙට යූටියුබ් වලයි ප්‍රසිද්ධ මාධ්‍යවලයි.
කොහොමත් ඉතිරු වුණ ජරාව දාලා හදන මේ කොත්තු, රයිස්, ෂෝටීස් කාලා පිළිකා හදාගන්නනේ නැතුව ගෙදර හදන දෙයක් කන එක මිනිසුන්ට හොඳයි. එතකොට මේ හිමියන්ගේ සංගම්වල ගෑස් බලන්න ඕනෙත් නෑ.
එකෙක්වත් ඕවයින් නොකා ඉන්න. එතකොට නිකන්ම මිල පහළ.
සමුක අවන්හල් ජාලය නැවත ඇති කළ යුතුයි.
ප්ලේන්ටි මිල ඉහළ යාමට සාධාරණ කරුණක් නොමැත.
ඉස්සර හිටියා නේද මයික් ටයිසන් කෙනෙක් ආපනශාලා සංගමයේ සභාපති කියලා .කෝ ඒ පොරටෝක්ස් කාරයා....මට හිතෙන්නේ ඌ මේ දවස්වල කෙසෙල් වත්තේ ලැවරියා විකුණනපු ආච්චිගෙ මුණුබුරාගේ සපත්තු පොලිස් කරන්න පටන් ගෙන.
බිත්තර මිල අඩුවුනා. ආප්පයක් රුපියල් 30ක් නම් බිත්තර ආප්පයක් රුපියල් 70කට වැඩි විය නොහැකියි.
PHIගේ පගාව වැඩි කරලාද?
අවශ්‍යම අවස්ථාවක විතරක් අරගන්න. එයාලට දැනෙන්න අරින්න. පාන් මිල අඩු කරපු නිසා ඔය
මාධ්‍ය හමුව ගෙන යන පුද්ගලයා මානසික ප්‍රශ්නයකින් පෙළෙනවා, ඔහු ලොකු මිනිහෙක් කියලා හිතනවා. S.O.B.
අඩුවෙනකොට රු 5 අඩුකරන්න කෙදිරිගනවා, පාන්පිටි 10කින් අඩු වෙනවා පිටි කෑම වැඩි වෙනවා විදුලි බිල් අඩුවෙලා ගෑස් අඩුවෙලා එළවලු විතරක් වැඩිවෙනකොට ටී එකත් වැඩි වෙනවා.. රට කන්නේ දෙසපලුවෝ නෙමේ මෙන්න මේ වෙළද මාෆියා කාරයෝ....
මුන් ඔක්කොම විපක්ෂ වලට සම්බන්ධ බත් ගොට්ටෝ.... ආණ්ඩුවේ කකුලෙන් ඇදිම ඔය කරන්නේ
මේකේ කමෙන්ට් තියෙනවා කඩෙන් කන්නෙ නැතුව ගෙදර හදන් කන්න වගේ. එහෙම කියනවනම් වීත් වවාගෙන කන්න කියලා කියයි ඒ කට්ටිය. ගෙදර හදන් කන්න බැරි කී දෙනෙක් ඉන්නවද බෝඩිම් වල , හොස්ටල් වල. අනිත් එක වෙළඳපොල තියෙන්නේ මිනිසුන්ට අවශ්‍ය වෙලාවට මිලදී ගන්න මිසක් හැම දේම ගෙදර හදන් කන්න නෙවෙයි. මෙතන තියෙන්නේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. වෙලදාම් කරන්න ඕනෑ ලාබෙ වගේම පාරිභෝගිකයාත් ආරක්ෂාව වෙන විදියට . පාලන මිලක් දාන්න පුළුවන් පාන් වගේ ඒවාට විතරනේ . අනික මේවා ඒ ඒ කඩේ විදියට තත්ත්වය ප්‍රමාණය වෙනස් වෙනවා. මේ විදියට අසාධාරණව හම්බ කරන අයට තමා ලෝකේ නැති ලෙඩ හැදිලා විඳවන්න වෙන්නේ