
(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇත.
2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප වැඩිකිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට පවතින රු. 250,000 සිට රු. 400,000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව එහි දැක්වේ
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කරමින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය 2025.05.01සිට ක්‍රියාත්මක කෙරේ.
A
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවකයින් විතරද මේ රටේ ජීවත් වෙන්න ඕනේ? කන්න අඳින්න ඕනෑ...?
අපි සේවයට යනවිට ඇන් ඇම් පෙරේරා මුදල් ඇමැති හැටියට ආරම්භ කළ ණය සහන සභා ක්‍රමය ක්‍රියාත්මක වුණා.. ඒ ක්‍රමය රජයට බරක් නැතුව නිලධාරි හා සේවකයින්ට ණය ගන්න අවස්ථාව ඇතිකර තිබුණා. දෙපාර්තමේන්තුවක සහකාර ප්‍රධානියෙකු සභාපති හැටියට පත්වෙද්දී ලිපිකරු සේවයේ කෙනෙක් ලේකම් හැටියට සමස්ථ කාර්ය මණ්ඩලයේ ඡන්දයෙන් පත්වුණා. වැන්දඹු, අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට වගේ එයටත් මාසිකව සාමාජික මුදලක් වැටුපෙන් අයකළා... මුලින්ම රජයේ අරමුදලකින් ආරම්භ වුණත් පසුව එය සාමාජිකයින්ගේ සාමාජික මුදලින් හා ණය වාරික හා පොලියෙන්ම නඩත්තු වුණා. ඉතාමත් සාර්ථක ක්‍රමයක්... සැමටම සාධාරණව එය ක්‍රියාත්මක වුණා. ඉතින් අපිට ඒ කාලයේ මාස හයක වැටුපට සමාන ආපදා ණයක් ලැබුණා.