
(මහින්ද නිශ්ශංක )
ඉන්දියාවෙන් ආනයනය කරන මෙට්‍රික් ටොන් 4500 ක් වන පළමු ලුණු තොගය හෙට (27) දිවයිනට ළගා වීමට නියමිත බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
රටේ පවතින ලුණු හිගයට විසදුමක් වශයෙන් ලුණු මෙට්‍රික් ටොන් 30000 ක් ආනයනය කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු අතර රජය වෙනුවෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ලුණු ගෙන්වීමට අවසර ලබා දුනි.
ඒ අනුව ඉන්දියාවෙ සැපයුම්කරුවන් දෙදෙනකුට ලුණු ගෙන්වීමට අවසර ලබා දුන් අතර ජනවාරි 31 වනවිට ලුණු මෙට්‍රික් ටොන් 12500 ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි සංස්ථාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා කටුවැල් බටු ආනායනය කළ අයටත් මරණ වරෙන්තු නිකුත් කළ අය අද ලුනු ආනයනයේ.... දෙෙවයේ සරදම්.... දැන් පෙන්වනවා...
දැන් මෙතන වැළලෙන්න එපා ලුනුත් පිටරටින් කියල, මොකද බෙහොම අය හිතාගෙන ඉන්නෙ තමන් කාලයක් පිට ඉඳල එනකොට තමන්ගෙ බිරිඳට ළමයෙක් ලැබෙන්න ඉන්නව නම් ඒ දරුවගෙ පියා තමාය කියල, ඒ වගේ අය තමයි හාල් පොල් ප්‍රශ්ණ මේ රජය පිට දාන්නේ.
මාර ගැම්මක් තියෙන්නේ සහෝදරවරුනි.
මෙහෙම ඔක්කොම ආනයනය කරන්න ගියොත්?
අපේ නව රජය ලුණු පොල් කට්ටටත් ඇන්නා කියා මගේ ආච්චි නාහෙන් අඩනවා, හිරමනේ උඩ ඉඳගෙන, පොල් සම්බෝලයක් හදාගන්න බැරුව. අනිත් පැත්තෙන් සීයා අහන්නේ, ලුණු කොමිස් මුදල කීයද, ඒක කාගෙ එකවුන්ට් එකටද වැටුනෙ කියා ...
රනිල් ඉන්නකම් මේ රටේ විදේශ සංචිත හිමින් හිමින් වැඩි වුනා හැම මාසෙකම ඩොලර් මිලියන 200 - 300ක් විදේශ සංචිත වැඩි වුනා. ඒත් ජෙප්පො ආව විතරයි මාස 2න් ඩොලර් මිලියන 370කින් විදේශ සංචිත අඩු වුනා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි, හාලුයි, ලුණුයි ගෙන්නන්න ගිහින්. වාහන ගෙන්නන්න ගත්තම කොහොම වෙයිද කියල හිතා ගන්න පුලුවන්නේ. එතකොට ආපහු ණය ගෙවන්න ගත්තම... මේ රටේ මිනිස්සු දේශපාලන වශයෙන් නම් පට්ටම මෝඩයි. නැත්තන් කිසිදා රටට වැඩක් කරල නැති හිටපු ත්‍රස්ථවාදී කන්ඩායමක් රටේ ආර්ථික අර්බුධයක් තියෙන වෙලාවක රටේ නායකයො විදියට පත් කර ගනීද? 2/3ක් දීලා.
ඒ අතරේ අපේ ජනාධිපති තවමත් සුපුරුදු ලෙස රාජපක්ශලා ඉදිකල අධිවේගී මාර්ගවලින්ම රටවටේ ගොස් වේදිකාවල අඩි පොලොවේ හප්පා තමා දන්නා සුපුරුදු වෘත්තිය සහ විනෝදාංශය වන රාජපක්ශලා පලු ඇරීමත් එලෙසම ජයටම සිදුකරමින් යනවා