IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩු විරෝධී රැලියේ අරමුණ කියයි

(අංජුල මහික වීරරත්න)

නුගේගොඩදී නොවැම්බර් 21 වනදා  පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම  අරමුණු කරගත් එකක් බව   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 

ඔහු මේ බව පැවසුවේ  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මල් පාර පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව   මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

නාමල් රාජපක්ෂ වැඩිදුරටත්  පැවසූවේ, විපක්ෂයේ විවිධ පක්ෂ රැසක් දැනටමත් මෙම සාකච්ඡාවලට එක්ව ඇති බවය.

අතීතයේදී සාකච්ඡා පැවතියේ පොදුජන පෙරමුණ තුළ පමණක් වූ අතර මේ වනවිට අප

විපක්ෂයේ  සියලු පක්ෂ සමග සාකච්ඡා කරන බවද නාමල් රාජපක්ෂ පැවසීය. එම රැලිය ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බල කිරීම අරමුණු කරගත් බවත්, “රජයේ ප්‍රතිපත්ති නිසා බලපෑමට ලක්වූ බොහෝ දෙනාත් මෙම රැලියට එක්වනු ඇතැයි  නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ රැසක් රැලියට එක්වීමට එකඟ වී ඇති අතර, තවත් පක්ෂ වල සහභාගීත්වය ඔවුන්ගේ අභ්‍යන්තර සාකච්ඡා නිමා වූ පසු තීරණය කරනු ඇති බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (7)

ආණ්ඩු විරෝධී රැලියේ අරමුණ කියයි

Anura Thursday, 13 November 2025 10:29 AM

මාර වැඩක් නේ , හොරා කාල බංකොලොත් කරලා එලවපු උන් තමයි ජනතවට පොරොන්දු මතක් කරන්න එන්න ලෑස්ති වෙන්නේ

:       10       44

Naleen Thursday, 13 November 2025 10:33 AM

අරමුණ ඉතින් අපි දන්නවා

:       7       38

Perera Thursday, 13 November 2025 10:42 AM

තොණ්ඩුව ටික ටික බෙල්ල වටේ හිර වෙනකොට කොයි කාටත් එක එක අරමුණු මතක් වෙනවා

:       10       37

ගල්පර Thursday, 13 November 2025 12:10 PM

මේ ලෑස්තිවෙන විරෝධතා වලින් කුමක් පෙන්නුම් කළත්, මේ රටේ බහුතර ජනතාව මේ රට බංකොලොත් කළ නාමල් ඇතුළු රාජපක්ෂ පවුලේම සහ පාලනයේ දූෂණය ඊටත් වඩා හොඳින් දන්නා කරුණකි. මොහුට ඇති බල පෙරේතකම සහ ඔහුට දේශපාලන අනාගතයක් නොමැති බව මෙම පුද්ගලයා තවමත් තේරුම් ගෙන නැත.

:       5       23

රත්නවීර Thursday, 13 November 2025 12:16 PM

දීපු පොරොන්දු තියා මේ දවස්වල අයිස් කුමාරට උන් හිටි තැනුත් අමතක වෙලයි තියෙන්නේ. ඔලුවේ වැඩකරන්නේ ඩබල් කැබ් ටෙන්ඩර් මගඩිය ගොඩ දාගන්න හැටි වෙන්න ඕන.

:       15       17

ලොක්ක Thursday, 13 November 2025 03:41 PM

රත්නවීර ගැන කනගාටුයි මේ කියන බහුභුත දැක්කම.

:       0       0

කපුරුහාමි Thursday, 13 November 2025 03:49 PM

ජනතාවට බොරු පොරොන්දු දීලා,ටොම් පච ගහලා බලයට ඇවිත්,ඒවා ඉටු නොකර පව්ලේ උන්ව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කෙරුවේ දූෂිතම පවුල් පාලනේ උන් මිසක් වෙන කවිරුවත් නෙවෙයි .හිතාගෙන ඇත්තේ අපේ රටේ ඉන්නේ ඇස් කන් නැති ,මැරිලා ඉපදුනු අය කියලද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 693 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site