
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව සහල් ආනයනය කරන්නේ බදු ආදායම වැඩි කරන්නට දැයි සැකයක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මූල්‍ය අරමුදල බදු ඉලක්කයක් ලබා දී ඇති බවද සහල් ආනයනයෙන් එය පියවා ගන්නට හදන බවද සජිත් ප්‍රේමදාස මහතාා කීය.
සහල් අතිරික්තයක් තිබියදී ආනයනය කරන්නේ කුමටදැයි සජිත් ප්‍රේමදාස මහතා කීය.
මේ ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ වැඩක් බව කී සජිත් ප්‍රේමදාස මහතා එයින් පාරිභෝගිකයා මෙන්ම වී ගොවියාද අසරණ වන බව කීය.
මේ ආණ්ඩුව සමයේ වැඩිපුරම බඩ ඉරිඟු ප්‍රමාණයක් ආනයනය කර තිබෙන බව කී සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා කාලයේදී වත් එතරම් බඩ ඉරිඟු ප්‍රමාණයක් ආනයනය කර නැති බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සයෝ සහල් පිටරටින් ගෙනාවේ නැතිනම් දුප්පත් මිනිස්සු බඩගින්නේ, කියන්න සහල් වලට ගහන 50% තීරු බද්ද අඩු කර සහල් මිල අඩු කරන්න කියලා, සහල් වලින් කරන්නේ කන එක විතරක් නොවේ. බියර් වැනි දේවලුත් එකෙන් නිෂ්පාදනය කරනවා. ලංකාවේ වවන සහල් මේ ඔක්කොම කරන්න මදි වෙනවා.
මේ නම් හෙනයක්, ආන්ඩුව දත්ත ඇතිව කිව්ව කීරි සම්බා හිඟයක් එනවා. එයට පිළියම් ලෙස හාල් මෙ. ටොන් 40000 රටින් ගෙන්නනවා කියලා. මේ මොන විපක්ෂ නායකයෙක්ද? මෙයා හිතන විදිය දැක්කාම හැමදාම විපක්ෂයේ... !
ළාමක ටින් ටින් කියන කතා වලට දෙකොනින්ම හිනා යනවා. එහෙම කෙනෙක් කොහොමද පක්ෂයවත් හරියට කරගෙන යන්නේ?