(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් බියට පත්ව සිටින වත්මන් රජය, පළාත් සභා මැතිවරණය පැවැත්වීම හිතාමතාම කල් දමමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අද (06) විපක්ෂ නායක කාර්යාලයේදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමග පැවැති විශේෂ හමුවකදීය.
මෙම හමුව සංවිධානය කර තිබුණේ ‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු’ යන තේමාව
යටතේය.
මහමැතිවරණයෙන් පසුව පැවැති කෙටි කාලය තුළ වත්මන් රජයට දළ වශයෙන් ඡන්ද ලක්ෂ 23ක් පමණ අහිමි වී ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තිබුණ කියල දිනන්න හැකිද? නොතිබීම විපක්ෂ නායකකමට හිතකර....
විකෘති චන්ද ක්‍රමය නිසා යම් පළාත් පාලන ආයතන කීපයක් ගත්තාට මෙතුමා හිතාගන ඉන්නේ පළාත් සභාත් ඒ ක්‍රමයට ගන්න පුලුවන් කියලා වෙන්න ඇති. ටිකක් ඉන්නකෝ.. ඡන්දය ආවාම මොකද වෙන්නේ කියලා බලමු...