
(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුවේ පුද්ගලයන් කැරළි කළ කාලයේ කැළේ සිට තුන්ඩුවෙන් කළ දේ වර්තමානයේ පාර්ල්මේන්තුවට ගොස් කරන බවත් එදා තුන්ඩු එවපු කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 159 ක් සමඟ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ තුන්ඩුවෙන් දුන් පණිවුඩය පාර්ලිමේන්තුව තුළ කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (10) පැවසීය.
‘රැවටුනා ඇති බොරුවට තිත’ යන තේමාව යටතේ මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එසේ පැවසීය.
එම සංවිධානය මරපු පුද්ගලයාගේ දේහය කරේ තියාගෙන යෑම තහනම් කිරීමටත් එම කණ්ඩායම තුන්ඩුවක් යැවූ බවත් අත්දැකීම් නැති, වෛරය සහ ක්‍රෝධය හිතේ තියන පුද්ගලයන්ට බලය දුන්විට රටකට අත්වන ඉරණම මැතිවරණයට පෙර ජනතාවට පැහැදිළි කළ බවත් දිසානායක මහතා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ පොදුජන එක්සත් පෙරමුණ හෝ නොව සෑම පැත්තකින්ම එල්ල වන පීඩනයත් සමඟ ‘රැවටුණා ඇති කියන’ කරුණ මේ වන විට මෙරට සමස්ත ජනතාව තුළින්ම එළියට එමින් ඇති බවත් ඉන්ධනහල්හිමියන්ට යම් සාධාරණ ගැටලුවක් තිබේ නම් එය සාකච්ඡා කිරීමේ හෝ අවස්ථාවක් නොලැබීමෙන් වර්තමාන ආණ්ඩුවේ ආකල්පය පැහැදිළි වන බවත් ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ හෙඩිම ක්. රැවටුනා ඇති... කෘෂිකර්ම අමාත්‍යාංශය බාරගෙන රටට මොනවද කලේ... මාසෙට කෝටි ගණන් බදු ගෙවපු එක විතරද... ඒකෙන් කීයක් කොමිෂන් ලැබුනද...
කිව්වොත් ගොන් කතාවක් තමයි ඉතින්....!
සබීතාගේ බිල්ඩිමට ගෙවපු සල්ලි වලින් කන්න 48 කට පොහොර සහනාධාර දෙන්න පුළුවන්ලු, මේ මිනිස්සුන්ට ලැජ්ජා නැද්ද ආයේ චන්දේ ඉල්ලන්න එන්න...
ඕක මොකක්ද මහින්දානන්දත් රැවටුනේ.. නේ නේ
තුන්ඩු ක්‍රමයනේ... ඒ ගොල්ලෝ ප්‍රැක්ටිස් කරපු ක්‍රමේ, නැතිව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම නොවේ, ඔවුන්ගේ පරණ ගතිය තාම තියෙනවා, එකයි විවේචන දරාගන්න බැරි...!
මේ කතාවේ ඇත්තක් තියනවා! ආණ්ඩුවේ මන්ත්‍රීලා පාර්ලිමේන්තුවට යනවා විතරයි! රජයේ නිලධාරීන්ගෙන් සිදුවන අසාධාරණකම් විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ඇහුම්කන් දෙමින් පුරවැසියන්ට සාධාරණක් කර ගැනීමට කිසිකෙනෙක් නෑ! කෝ මහජන දින? වහාම පටන් ගන්න
හැම එකා ගැනම ලංකාවේ අපි දන්නවා බං, දැන්වත් පඩික්කම් වහපල්ලා!
තමුන් හරියට හිටියා නම් ගෑණි වෙන කෙනෙක් එක්ක පැනලා යයිද?