(යොහාන් භාසුර)

ද්වේශය, පළිගැනීම සහ කුහකකමින් වර්තමාන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව අන්තයටම ගොස් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක සහ ප්‍රධාන ලේඛකාධිකාරී අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ අද (20) පැවසූහ.
සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ තර්ජන පරාජය කිරීමේ සහ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් පැවරී ඇති ආකාරයට බුද්ධ ශාසනය රැකගැනීමට කටයුතු කිරීමට බලකිරීමේ අරමුණින් කොළඹ 7 පිහිටි, බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී පැවැති මහා සඟ සමුළුවේ ප්‍රධාන දේශනය කරමින් මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ එසේ පැවසූහ.
ජනාධිපතිකම කරනවා කියන්නේ නිවරදිව කළහොත් නිවන්දැකිය හැකි තනතුරක් මෙන්ම වැරදියට කළහොත් අපාගතවිය හැකි තනතුරක් යැයි මතක් කරන බවත් ජනාධිපතිතුමා කළ දකුණේ ජනතාව උතුරට එන්නේ වෛරය උපුරන්නැයි වචනනය ඉවත්කරගත යුතු අතර අගමැතිතුමිය මන්නාරමේදී කළ මහා බරපතල ප්‍රකාශය තරයේ හෙළා දකිනවා මෙන්ම එතුමිය වහාම ප්‍රකාශය අස්කර ගතයුතු බවත් මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කළහ.
එහිදී මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ මෙසේ ද පැවසූහ.
“නිදහස ලැබීමට පෙර අපේ රටේ පැවැති ආගමික සංස්කෘතික, ආර්ථික සහ සාමාජික තොරතුරු වර්තමාන තෙක් සඵකා බැලීමෙන් පසුව කිසිවක් නොවූ සමාජයක් ලෙස හැදින්වීම අකෘතඥ හුදු ප්‍රකාශයකි. වසර 2300 ක අඛණ්ඩ ඉතිහාසයක් ඇති බුදු දහමටත්, බෞද්ධ සංස්කෘතියටත්, සිංහල භාෂාවටත්, පාලි භාෂාවටත්, ත්‍රිපිටකයටත්, අපේ සියලු සිරිත් විරිත්වත්, රටේ ජාතික අභිමානයටත්ථ භෞමිකඅඛන්ඩතාවටත් වර්තමානයේ බරපතල ලෙස තර්ජන එල්ලවී ඇති බව අපගේ විශ්වාසයයි.
ජාතීන් අතර වාදයක් අපේ රටේ නොමැත. ආගසම් වාදයක් ද අපේ රටේ නැත. සමහරු ප්‍රසිද්ධයේ ජාතිවාදයක් ගැන අද කතා කරනවා. ආගම්වාදයක් ගැන කථා කරනවා. අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමියත් ඒ අතර විශේෂයි. අපේ රටේ ජාතිවාදයක් තියෙනවා නම් තියෙන්නේ ය්කිසි අන්තවාදී පිරිස්වල කැකෑරීමෙන් ඇතිවූ යම්කිසි ප්‍රවණතාවක් මිසක් අපේ රටේ කොහේවත් ජාතිවාදයක් නෑ.
උතුරේ ජාතිවාදයක් ගැන කථා කරන්නේ උතුරේ ජාතිවාදයක් නැතිව. උතුරේ ජාතිවාදයක් නෑ. ම්නාරමේ ජාතිවාදයක් ගැන කථා කරන්නේ මන්නාරමේ ජාතිවාදයක් නෑ. උතුරේ තිබුණ ත්‍රස්තවාදය අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරදවලා, අවුරුදු 30 ක් ලපැවැති යුද්ධය සංසිදුවූවායින් පස්සේ ඕනෑම කෙනෙකුට යාපනය, මන්නාරමට, ත්‍රිකුණාමලයට යන්න පුළුවන්.
අපි මේ කතා කරන්නේ දේශපාලනයක් නොවෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ රටට කළ ඒ සේවය කෘතගුණවේදීව සිහිපත් කරන්න මා කැමතියි.
අපේ ජනාධිපතිතුමා සඳහන් කරනවා දකුණේ ජනතාව යාපනයට යන්නේ සිල් ගන්න නොවෙයි ඒ අය යාපනයට යන්නේ බෞද්ධ වෛරය ඒ ප්‍රදේශයේ පතුරුවන්නට කියලා. යාපනය තිස්ස විහාරය කියන්නේ ඓතිහාසික තැනක්, අතිශයින්ම ඓතිහාසික තැනක් තිස්ස විහාරය කියවන්නේ.
තිස්ස විහාරයේ ඓතිහාසිකත්වය සත පහකට ගණන් ගන්නේ නැතුව ජාතිවාදීන්ගේ වැඩවිදියට හංවඩු ගැඅසීම කොයිතම් අකෘතඥ කථාවක් ද අපේ රටටඑ කියලා මට හිතෙනවා.
ජනාධිපතිතුමනි නිවැරදි වෙන්න. ඔබතුමා ජනාධිපතිවරයෙක් හැටියට කිසිම තැනක ගිහින් හොරෙන් කථා කරන්න බෑ. ඒ කථා කරන දේවල් අද තියෙන මාධ්‍ය ඔස්සේ රටට අනාවරණය වෙනවා.
අපි සමාව දෙමු මට වැරදුණා. කරන්න දෙයක් නෑ මට වැරදුනා, මේ හේතුව නිසයි මම එහෙම කළේ කියලා කිව්වොත් අපි එතුමන්ට සමාව දෙනවා. එහෙම නැත්තන් එතුමා ඒ ගොඩේම තියාගෙන ඔය කියන බෞද්ධ විරෝධී වැඩපිළිවෙළට සාධකයක් හැටියට තියාගෙන අපි ඉදිරියටත් කථා කරමු.
සිංහලාගෙන් ඇදුම කොච්චර ලස්සන ඇදුමක්ද ? අපේ ඇදුම බිංදුවටම දාලා. අපේ ඇදුමට තැනත් දෙන්නේ නෑ. රාජ්‍ය පාලකයො රටකින් රටකට යනවා නම් අනන්‍යතාව සහිත ඇඳුමකින් ගිහිල්ලා අපේ රටට ගෞරවය ලබාදෙන්න ඕන. බණ්ඩාරනායක මැතිනිය ලෝකයට යනවිට එතුමිය ඇදගෙන ගියේ අර ඔසරිය. එතුමියට ලෝකයේ විශේෂ ආකර්ශනය ලබාගන්න හේතු වුණා. එතුමියට ගොකු පෞරවයක් ලැබුණේ ඒ ඇදුමත් එකක්යි.
ගුරු ජනාධපිතිතුමනි, අගමැතිතුමියනි ඔබ රජය බොහෝ බලාපොරොත්තු තියලා තමයි බලයට ආවේ. කිසිඳු වාදයක් විවාදයක් නෑ. අපි වෙනස් කරන්න කතා කරන්නෙත් නෑ. ඉදිරි අවුරුදු තුනහමාරක් ඉන්න. බැහැයි අපි එක දෙයක් කියන්න ඕන මේ රටේ සියලු දේවල් දේශපාලනීකරණ කරන්න එපා.
දේශපාලනීකරණ කරන්නේතමන්ගේ පක්ෂයට තියෙන හිතවත්කම් මතයි. මේ රටේ නිකාය පාර්ශවල ලේකම් හාමුදුරුවරුන්ගේ රැස්වීමක් තිබුණා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ. ඕන කාලයක ඉදලා තියෙන වැඩක්. බුද්ධ ශාසනය පිළිබඳව ජනාධිපතිවරු උපදේශන සභා පත්කළා. ඒ හැම තැනකම විවිධ මට්ටම්වල හාමුදුරුවරු සිටියා. නමුත් අපි කවදාවත් අපි දැක්කේ නෑ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට රැස්වන නිකාය පාර්ශව ලේකම්වරුන්ගේ රැස්වීමේදී පක්ෂ නායකයෝ. දෙයියනේ කළක් අක්රීවෙලා තිබිලා අපිට එන්න කියලා පටන් ගත්තා. සියලු ලේකම් හාමුදුරුවන්ට අමතරව මේ ආණ්ඩුවේ පස්දෙනෙක් මේකට ඇතුල කළා. තරහ වෙන්න එපා කිව්වට. බය නම් මට නඩු දාන්න. බුද්ධ ශාසන අමාත්‍යවරයා කියනවා රජයේ බලතල අනුව මම පස්දෙනෙක් නම් කරකනවා කියල, කළින් ලියාගෙන ඇවිල්ලා, ඒ අයට කලිනුත් ආරාධනා කරලා ලෙනල්ලා පස් දෙනෙක් පත්කළා. මේක හොඳ වැඩක්ද, මේක තමයි නියම දේශපාලනීකරණය කියන්නේ.
අපේ රටේ කාලයක් තිස්සේ පිරිවෙන් අධ්යක්ෂ ජනරාල් හාමුදුරු නමක් හිටියා. ඒ හාමුදුරුවන්ට ලොකු බලතල තිබුණා. ඒ හාමුදුරුවෝ හොඳට වැඩකරගෙන ගියා කාගෙවත් බලපෑම් නෑ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ අධ්යක්ෂ ජනරාල් හාමුදුරුවන්ට වඩා ඉහළින් මේන් දැන් තව අතිරේක ලේකම් කෙකේ ඉන්නවා. එයාගේ නියෝගවලට තමයි අධ්යක්ෂ ජනරාල් හාමුදුරුවො වැඩ කරන්නේ. මොකක්ද මේ කැත දේශපාලනය. අපි එහෙම නෑ. අපි එරෙහිම නෑ. බුද්ධාගමට සළකනවා. මේක තමයි වර්තමාන දේශාලනයේ නිවැරරදි තත්වය” කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පලාතේ ප්‍රධාන සංඝනායක මෙන්ම මෙම සමුළුවේ ප්‍රධාන සංවිධායකවරයා වන මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමියන් පිළිගැනීමේ කථාව කරමින් පැවසුවේ ව්යාවස්ථානුකූලව පාලකයන් බුද්ධ ශාසනය රැකගැනීමට බැදී සිටින බවත් බෞද්ධ රටේ ශාසනය රැකගැනීමට කණ්ඩායම් ගතවීමට සිදුවී ඇති බවත්ය.
වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේනන්තුව් මන්ත්‍රීවරු 159 ක් සමඟ තුනෙන් දෙකේ බලයක් තිබෙන නිසා හොල්ලන බෑ කියලා හිතාගෙන හිටිය ද ශාසනයට අත තැබුවහොත් හොල්ලා පෙන්වන බවට අනතුරු හඟවන බවය.
මහා සංඝරත්නය දහසකට වැඩි සංඛ්‍යාවක් සහභාගි වී සිටි මෙම සංඝ සමුළුවට මොරටුව ලුනාව ශ්‍රී බෝධිරාමාධිපති කොලඹ විශ්වවිදයාලයේ සිංහල අධ්‍යන අංශාධාපති මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ කරුණු 10 කින් යුත් සංඝ ප්රප්රඥප්තිය ඉදිරිපත් කළහ.
කොළඹ තරුණ බෞද්ධ සමිතියේ සභාපති මහේන්ද්‍ර ජයසේකර ගිහි දේශනය කළ අතර සමස්ත ලංකා බෙද්ධ සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ යන මහතා ස්තූති කථාව කළහ.
මෙම මහ සංඝ සභාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කතානායකවරයෙක් වන දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍ය සරත් වීරසේකර යන මහත්වරු ඇතුළු දේශපාලඥයන් රැසක් සහභාගී වූහ.
(ඡායාරූප: සුමුදු හේවාපතිරණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාටකයෝ දූෂිතයෝ ආර්ථික ඝාතකයෝ පට්ට හොරු මිනීමරුවෝ කියලා කියන්නේ නිකම්ද? සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු කාලයක් තිබුණා රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කරලා අධිකරණය පවා දේශපාලණීය කරපු හැටි ලෝකෙම දන්නවා. ජනතාව රවට්ටලා බලයට ආපු දූෂිත මහින්දයා පව්ලේ අයව කිට්ටූ කරගෙන රටම හොරාකාලා විනාශ කෙරුවා. ජනතාව අරගල කරලා එළවලාම දැම්මේ ආසියාවේ ආස්චර්ය පෙන්වපු හින්දා කියලා හිතාගෙන ඇති.
රට හදනවාට අකැමැති නිකාය...
මෙච්චර කාලයක් තිස්සේ රටකාපු, විනාශ කරපු උන්ට දඬුවම් දීම ඇරඹිලා මිසක් පලිගැනීම් නෑ.
එන්නේ සියල්ල අතහැර සසර කෙටි කරගන්න කියලා ඊට පස්සේ එල්ලෙනවා දෙශපාලන පක්ෂයක ඊටපස්සෙ සිව්රට ලොගුවට මුවාවෙලා කරන්න පුළුවන් බලුවැඩ ඹක්කොම කරනවා,, මේවා පුරුදු කලේ කලින් හිටපු දෙශපාලුවන් උනුත් කලෙ දෙශපාලන බලයට මුවාවෙලා රටම හොරා කාලා බන්කොලොත් කලා
අග්ගමහා පණ්ඩිත හමදුරු වහන්සේගේ” ප්‍රකාශයත් ද්වේෂය, කුහකකම සහ පලිගැනීම මිශ්‍ර ප්‍රකාශයක් කියලා තේරෙන්නේ නැද්ද?
පණ්ඩිත හාමුදුරුවනේ , මොනවද මේ කියවන්නේ ?ජාතිවාදයේ තිඹිරිගෙය “ලංකාවේ බෞද්ධ භික්ෂුව” කිව්වොත් , නිවැරදියි කියලා මම හිතනවා.
අවසරයි අපේ හාමුදුරුවනේ,ඔබ වහන්සේගේ දේශනයෙහි කිසිදු වචනයක් හෝ අකුරක් හෝ බැහැර කිරීමට කිසිසේත්ම නොහැක.රට මෙවැනි දේශදෝහි පරගැති ජනපති අගමැතිනි ප්රමුඛ කැබිනට් මණ්ඩලය හා ඩෝබි ඩෝබිච්චිලා සෙට් ඵක පළවාහර හරිමු.
ඔබවහන්සේගේ දේශනය අවධානයෙන් යුතු බව කියවන ඔනෑම කෙනෙකුට තේරෙනවා. ඔබවහන්සේ තවමත් “නිල්පාට කන්නාඩියක්” දාගෙන රාජපක්ෂලාට කඩේ යන “අග්ගමහා පණ්ඩිතයෙක්” කියලා. (සමාවෙන්න)
ජනතාව පරාජය කරල තියෙන්නේ හොරුන්ව විතරක් නෙවේ. හොරුන්ගෙන් ලාබ ප්‍රයෝජන ලබපු අන්තවාදීන්වත් ගෙදරම යවල. දැන් තප්පුලනවා. වැදගත් ස්වාමීන් වහන්සේලාට මෙය අදාල නොවේ.
ඇයි ඕකට මහා කියලා දැම්මේ
මිනීමරු හොරු රැළගේ කටු කාපු, දුශ්ශීල ජූජක බමුණන්ට බුරන්න දීලා, ආණ්ඩුව කළයුත්තේ " ධම්ම සංඝායනාවක් " පැවැත්වීමයි.. ධම්ම සංඝායනා වලට හොර දුෂිතයින් කැමැති නැහැ !!! මොකද සංඝායනාවෙන් පස්සේ යන එන මං නැති වෙනවා..මහජනතාව ඕකුන්ව සම්බෝල හදයි.
අනේ, අද සර් ජෝන් කොතලාවල හිටියා නම් ඔය දුස්ශිල බමුණන්ව තට්ටේ තාර ගාලා බිත්තියේ අලවනවා.
ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක කියන අවස්තාවාදියා තමයි 1972 වියවස්තාවට බුද්ධාගමට ප්‍රමුකස්තානය ''කියන කෑල්ල එකතුකලේ.ඊට කලින් ඕකුන් හිටියේ බල්ලෝ වගේ. සිල්වත් ස්වාමින් වහන්සේලා තමුන් මහනවුන අරමුණ ඔස්සේ වැඩිය අතර , බහුතරයක් අන්ත දුෂිත දුශිශීල බමුනන්ය. බණ්ඩාරනායක මහත්මයාව මැරුවෙත් දුශ්ශීල කෙනෙක්.
මේ කරන දේවල්වලට ප්‍රජාතාන්ත්‍රිකව පිළිතුරු දෙන්න ඡන්දයක් එනකල් බලාගෙන ඉන්නවා.
මොනවද මේ කතාකරන්නේ ? සිංහලයාගේ ඇඳුම ගැන කතාකරනවා. එදා බහුතරයක් සිංහලයින්ගේ ඇඳුම වුනේ " අමුඩය" බව නොදන්නා අය සාසනයෙන් පන්නන්නේ කවදාද ? බුද්ධිමත් දායකයින් මේ ගැන බුද්ධිමත් කතිකාවක් ඇතිකරගන්නා තෙක් අපි බලාගෙන ඉන්නද ..නැත්නම් ..?
බල්ලෝ බුරති - එහෙත් තවලම තම ගමන යයි.
සිවුරට මුවාවෙලා බුදුදහමත්, රටත් වනසනවා...
මගේ අදහස: මේ සමුලුවට සහභාගීවෙලා ඉන්න කිසිම කෙනෙක් NPP එකට චන්දේ දීලා නෑ…! මේ හැමොම රාජපක්ෂලාගේ අසුචි කාපු අය… , මේ හැමොටම “දෙවියන්ගේම පිහිටයි“ !!!
පරාජිත විපක්ෂයේ අවසාන පුස් වෙඩිල්ල.
අද හීල් දානේ හම්බවෙලා නෑ වගේ?
කියලා වැඩක් නැහැ අපේ හමදුරුවනේ. අපි කරගත්ත මෝඩ කමක්, මේ කුහක වැඩ බැරි ආණ්ඩුව බලයට ගෙනත්.
ව්‍යවස්ථාවෙන් රජයට පවරා ඇත්තේ බුද්ධ ශාසනය සුරැකීම පමණි. පටු දේශපාලන මත දරන භික්ෂූන් සුරැකීම නොවේ. මෙතුවක් කලකට මෙම රජයෙන් බුදුසසුනට අවැඩක් වී නැත. කට වාචාල භික්ෂූන් පිළිබදව සමහර මැති ඇමැතිවරු තම පුද්ගලික අදහස් ප්‍රකාශ කර ඇත...
"අපි මේ කතා කරන්නේ දේශපාලනයක් නොවෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ රටට කළ ඒ සේවය කෘතගුණවේදීව සිහිපත් කරන්න මා කැමතියි." මේ දේශපාලනය නැත්නම් මොකද්ද ?
හාමුදුරුවනේ දානෙ ලැබෙනවා නේද පන්සලට? බණක් භාවනාවක් කරගෙන හිටියොත් හොදයි නේද? මේක ජනතා ආණ්ඩුවක්...
මාර සෙනඟක් ඇවිල්ලා තිබ්බේ සීයක් විතර.. v8 කීයක් විතර ඕනේද දන්නෑ.
මට පෙනෙන්නේ ද්වේශය,මෝහය ,පලිගැනීම ඔබවහන්සේලගේත් මුහුණු වලින් පෙනෙනවා. හිතලා බලන්න, මිහින්තලේ හාමුදුරුවන්ගේ වචන භාවිතය ... හරිනි ලත් දැනගන්න ඕනේ , මේ රටේ යුද්ධයක් තිබ්බ ,LTTE ත්‍රස්ත ක්‍රියා සිදුවුණා ඒ යුද්ධය ඉවර උනා කියලා. කිසි කෙනෙක් ට අසාධාරණයක් නොවෙන්න කතා කරන්න ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ...
එහෙමයි අපේ හමදුරුවනේ ඒකයි 2021 රාජපක්ෂලා පස්සේ දොරෙන් ගියේ.
අන්න යනවා මනුස්සයෝ යන්න. අපිට හොඳට මතක ශක්තිය තියෙනවා. ඔහේට වගේ එක එකාගේ දේශපාලන ඩෝබිකම් වලට අමතක වෙන ලෙඩ අපිට නෑ.
අනේ මන්ද! ආණ්ඩුව කරනේ දුන්න පොරොන්දු, භික්ෂූන් හැමතැනම වයිරය වපුරනවා!
ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් පෙර හිටපු රාජ්‍ය නායකයන් නිතරම උපදෙස් ගත්තත් ඔවුන් රට ඩොලර් 1000 ක් වත් නැති වෙන කල් රට බංකොලොත් කරලා අපි දවස් 3 හා 5 එක දිගට පොලිම්වල ඉදලා තමයි තෙල් ටික ගෑස් ටික ගත්තේ දවසට 10 පහලොව පොලිම්වල මැරුණා. හොරකම් හා කොමිස් නිසා ව්‍යාපෘති නතර කරලා තානාපති කාර්යාලවලින් පැමිණිලි ඉදිරිපත් කරා. ඒ කාලේ රාජ්‍ය නායකයන් නිසි මගට ගැනීමට කිසිදු සමුළුවක් හෝ උද්ඝෝණයක් ස්වාමීන් වහන්සේලා විසින් කරනවා නම් අප දැක තිබුණේ නැත. අපට තිබෙන එකම ප්‍රශ්නේ ඒ කාලේ නිසි ගුරුහරුකම් දීලා ගෝලයෝ හදා ගත්තා නම් එය රටටත් හොඳයි අපිටත් හොඳයි.
සිංහල ඇඳුම කියන්නේ අර මහින්ද රාජපක්ෂ ඇතුලු සාටක කණ්ඩායම ඇඳපු කපටි කිට් එක වෙන්න ඇති.... ගුරු සාටකය ඒ කියන සිංහල ඇඳුමේ කොටසක් වෙන්න ඇති.... ඒ අනුව තේරුම්ගත හැක්කේ ලංකාව බංකොළොත්බවට පත්කල දේශපාලන ක්‍රමය සහ පුද්ගලයින් ඔය උත්තමය අනුමත කරන බවද?
මේ වේදිකාවේ ඉන්න ස්වාමින්වහන්සේලා කවුද කියා හදුනා ගන්න පුළුවන් නම් සමුළුවේ අරමුණ තේරුම් ගැනීම අපහසු නොවේ.
තමාලට වරදාන වරප්‍රසාද නැතිවෙනකොට ඔහොම කියන්න වෙයි නේද, හාමුදුරුවනේ. දැන්වත් දේශපාලනය නොකර ශාසනයේ අභිවෘධිය ගැන හිතුවොත් නරකද?
මෙයාලගෙත් වත්කම් හොයලා බැලුවො නරකද?
ලෝකෙම දන්නවා දූෂිත පව්ල් පාලනේ උන් ආර්තික ගාතකයෝ දූෂිතයෝ මිනිමරුවෝ පට්ට හොරු.මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාස කරපු ,ජනතාව එළවලාම දාපු අය කියලා ? එහෙව් දූෂිත පව්ල් පාලනේ උන් වෙනුවෙන් පෙනී සිටින මොලේ උඩ ඉන්න චීවරදාරියෝ ගැන ලැජ්ජයි හිරිකිතයි .
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පින්සිදු වේවා කියලා කියන්න. මොකද නැත්නම් තවම හිරේ.අවුරුදු 20 හිරේ හිටපු අය ජනාධිපති සමාව නිසා නිදහස් වේලා දැන් බුද්ධාගම ගැන කතා කිරීම ඇත්ත වශයෙන්ම පිලිකුල් සහගතයි.
මේ වගේ හාමුදුරුවරු ඉන්නකම්. ජනතාව යහ මගට ගන්න අමාරුයි රටක් දියුණු කරන්නත් අමාරුයි. නාකිමෞඉනා හොරාකාලා සේසතම එකෙන් බාගයක් පන්සල් වලට පුජා කරලා දැන් සැපට ඉන්නවා. මේ හාමුදුරුවෝ කියන්නෙ. එයාව වඩාගන ඇවිදින්න කියලද. පුටුවෙ තියන්නෙ නැතිව. මේ රට මේතරම් වලපල්ල්ට ගියෙ. ගොඩක් හාමුදුරුවර. ගිහි සැපට කෑදර වුනා බුදුදම අමතක වුනා. දේශපලන හොරුන් පස්සෙන් ගිහින්. රටේ මුදල් වලින් සුර සැප ලබාගත්තා. දැන්. ඒවා නැති එක ඇගට තේරෙනවා. පිටරට ට වඩිනවා උගත් බුද්ෆ්හිමත් හාමුදුරුවරු බනට ඒ කට්ටිය මේ මහින්දට කඩේ යන අය ගැන ලස්සන්ස්ට බනට කියනවා. ලැජ්ජයි. හමුදුරුවො කියන දේවල් අහනකොට. යුද්දෙ නතර කෙරුවෙ. සරත් ෆොන්සේකා ඇතුලු රටේ. රන විරුවෝ. නාකිමයිනා කරපු දෙයක් නැහැ. අයියා මලෝ හැන්ගිලා රට ඉදලා ආවේ
( අපේ රටේ වෙසෙන සිල්වත් , සුපෙක්ශාකාමි , බුදුන් වැඩි මග යන උතුම් ස්වාමීන්වහන්සේලාට අගෞරවයක් නොවේවා ) අපේ උතුම්වූ බුදුන්වහන්සේගේ උතුම්වූ චීවරයේ පැහැයට හුරු රෙදි කැල්ලක් පටලවාගත් හොර දුශ්ශීල නිඝන්ටයින් රැලකගේ අදෝනා සහ මෝඩ , පට්ටපල් බොරු කතන්දර රැසක් අසන්නට ලැබුනා.මුන් හිතාගෙන ඉන්නේ උන් කියන ඕනෑම පට්ටපල් බොරුවක් හිස්මුදුනින් පිළිගන්න " අද වෙසෙන බුද්ධිමත් " ජනතාව ලැහැස්තියි කියලා..එතන තමයි ජූජක බමුණන්ට වැරදුනේ.ධර්ම සංඝායනාවක් පවත්වලා මේ බමුණන් ඔක්කොම පන්නා දමා සිල්වත් ස්වාමින් වහන්සේලාගෙන් පමණක් සමන්විත බුදු සසුනක් ඇතිකිරීමට කාලයයි මේ ..
සම්පූර්ණ ද්වේශ සහගත වයිරී අසත්‍ය ප්‍රකාශයක්. අද සමාජයේ වත්මන් ආණ්ඩුව ගැන තියෙන්නේ වෙන කවරදාකවත් ආණ්ඩුවකට තිබුනේ නැති ප්‍රසාදයක්. මෙවන් සිවුරු රදවන බෞද්ධ ශාසනයටත් විනාශයක් අපහාසයක්. වහාම කියපු සම්පුර්ණ ප්‍රකාශය ගැන රටේ ජනතාවගෙන් සමාව ගන්න
නිදහස ලැබෙන කාලයේ ආසියාවේ දෙවන ධනවත්ම රට වූ ලංකාවට බංකොළොත්බව ලබන්නට සිවුරේ ආශීර්වාදය මැද ආණ්ඩු කල චෞරයෝ හේතභූත වුන එක මතක නැති ආචාර්ය මහාචාර්ය නායක චීවරධාරීන් අපට අවශ්‍යද? පන්සල් වල එකතු කරන මුදල නොනවතින ඉදිකිරීම් වලට මිස ඒ ඒ ප්‍රදේශවල තරුණ ජනතාවට සෙතක් කරන්න වත් යොදවන විහාරස්ථාන කීයද තියෙන්නේ...
නිදහස ලබන විට ආසියාවේ දෙවන ධනවත්ම රට වූ ලංකාවට බංකොළොත්බව ලබාදීමට හේතුභූත වූ ආණ්ඩු ඔය මහා බුද්ධිමත් නායක ආචාර්ය මහාචාර්ය චීවරධාරීන්ගේ ආශීර්වාදය ලැබූ නායකයෝ මෙහෙයුම කල ආණ්ඩු නේද? තමන්ට අවශ්‍ය සැප නොදෙන ආණ්ඩු විවේචනය චීවරයට නිගාවක් නොවේද?
ආන්ඩුව මේවට සම්බන්ධ කරගන්න එපා, ඔය තත්වයට හේතුව ඔබපගේ අයහපත් පැවැත්මයි, කහ රෙද්ද පටලව ගෙන කොන්ඩෙ මුඩු කලාට සංඝයා වහන්සේ කෙනෙක් වෙන්නෙනැ.සමහරු ගිහියො වගේ කොන්ඩෙ වවාගෙන. පවුල් කනව , කුඩු විකුනනව, හොර ජාවරම් කරනව, සමහරු කතාකරන භාෂාව අහන් ඉන්න බැ, මේ වැරදි තියාගෙන ආන්ඩුවට ජනතාවට දොස් කියන්න එපා, ඔබලා කරන වැරද්වල ප්‍රතිපල තමයි ඔබලා නෙලාගන්නෙ. ඔබලා ධර්මයේ හැසුරුනොත් ජනතාව ඔබලාට ගරු කරාවි. ශීලය රකින හිමිවරුන් ශීලය ප්රගුනකරනව ඔවුන් නිහඩව සමාජයට සේවය කරනව.
දෙසීය පනහේ මහ සඟ සමුළුවේ ප්‍රධාන දේශනය කරන ආව හාමුදුරුවන් තමන්ගේ උගත්කමට හා දැනුමට ( අග්ගමහා පණ්ඩිත මහාචාර්ය) සරිලන දේශනයක් කරන්න බැරි වීම කොතරම් අභාග්‍යක්ද ?
ගිය අවුරුද්දේ නාමල් ඔබ වහන්සේ බැහැ දකින්න ආවානේද? එතැන් සිට රජයට අවාසි වන විධියට දේශනා පවත්වනවා නේද? ජාතික ඇඳුම අඳින නායකයෙක් ගැනත් ඔබ වහන්සේ සමුළුවේදී කිවේ එම නිසාද?